ලෝක මැලේරියා දිනය දවසේම “මැලේරියාව තුරන් කළ රටක්” ලෙස ලැබූ සහතිකය නැතිවෙයි ද?

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ලෝක මැලේරියා දිනය සමරන මේ මොහොතේ වසර 14 කට පසු ශ්‍රී ලංකාවේ මැලේරියා ආශ්‍රිත මර්ණයක් වාර්තා වී ඇති අතර, අවසන් වරට මෙරටින් එවන් මරණයක් වාර්තා වූයේ 2009 වර්ෂයේ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රවී කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ, ලෝක මැලේරියා දිනය සමරන අද (25) දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු පාර්ශවයන් විවිධ උත්සව පවත්වමින් සිටින බවත්, එය නතර කොට වහා බේරුවල ප්‍රදේශයට ගොස් මැලේරියා තත්ත්වය මත මිය ගිය පුද්ගලයාට අදාළව මෙරටින් සිදුවූ අඩුපාඩු පරීක්ෂා කළ යුතුව ඇති බවත් ය.

මැලේරියා තත්ත්වය මත මෙම මරණය සිදුව ඇත්තේ මීට දින 10 කට පෙර වන අතර, තවම ආශ්‍රිතයන් සොයන වැඩසටහනක් බිම් මට්ටම තුළ ක්‍රියාත්මක වී නැති බව පෙන්වා දෙන ඒ මහතා, ආශ්‍රිතයන්ට අදාළ එකම එක පරපෝශිතයා පිළිබඳව සමීක්ෂණයක්වත් මෙතෙක් ආරම්භ කර නැති බවට චෝදනා කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකාව ඉතා අපහසුවෙන් ආරක්ෂා කර ගත් මැලේරියා තුරන් කළ රටක් නැමති සහතිකය ද අහිමි වීමේ අවදානමක් පවතින බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

“ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කරපු රටක් කියලා ආඩම්බරයෙන් කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වර්ෂයේ ලංකාව මැලේරියාව තුරන් කරපු රටක් විදිහට සහතික කරලා තියනවා. ඒක රටේ සෞඛ්‍ය දියුණුව මනින දර්ශකයක්. මේ සහතික ගත්තේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ කැපවීමෙන්. සමහර ක්ෂේත්‍රගත නිළධාරීන් මැලේරියාව නැවත නැවත හදාගෙන තියනවා, මේ තත්වය රටට ලබා ගන්න. ඒනිසා ඒවා ආප්සට හරවන්න දෙන්න බෑ,” කුමුදේශ් මහතා පැවසීය.

මැලේරියාව ගහණය ඉතා වැඩි ටැන්සානියාව වගේ රටකට, මෙරට පුරවැසියකු ගියේ නම්, ඔහු නැවත මෙරටට පැමිණ මිය යන තුරුම මැලේරියා මර්ධන ව්‍යාපාරයට ඒ පිළිබඳ අවබෝධයක් නොමැති බව ද හෙතෙම චෝදනා කළේය.

“ඔහුට යන්න පෙර දුන්න සෞඛ්‍ය අධ්‍යාපනය මොකක්ද?, ඔහුට ඖෂධ මාත්‍රාව දුන්නාද්? ඔහු ඒවා නියමිත පරිදි ලබාගෙන තිබෙනවාද? ගුවන්තොටුල පරිශ්‍රයේ මැලේරියා ඒකකයට මෙම රෝගියා හඳුනා ගැනීමට නොහැකිවූයේ ඇයි? එම ක්ශේත්‍ර නිළධාරීන්ව අඛණ්ඩ වෘත්තීය පුහුණු ලබා දී තිබෙනවාද? පුහුණුවීම් සදහා ලැබුණු මුදල් අදාල නොවන අය සඳහා නාස්ති කර තිබෙනවාද? ලෝක මැලේරියා දිනයේ, උත්සව වෙණුවට මේ ගැටළු වලට පිලිතුරු හොයන්න. අපි අමාරුවෙන් ගත්ත සහතිකය ආයේ අරං යන්න දෙන්න එපා කියලා අපි ඉල්ලනවා,” කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...