(VIDEO): මෛත්‍රී ශ්‍රීලනිපය කෑවා – මෛත්‍රීගේ රෙදි ලේෆ්ට්

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් වැරදි තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස පක්ෂය තුළ අද මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය ගොඩනැගී ඇති අතර පක්ෂය යළි ගොඩනැගීමට නම් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි වාරණ නියෝගය අවුරුදු 500ක් වත් ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

සිරිසේන මහතා ශ්‍රීලනිපය විනාශ කිරීම ආරම්භ කළේ තමන්ව එළියට දැමීමට ගත් තීරණයත් සමඟ බවයි ජයසේකර මහතා කියාසිටියේ.

පක්ෂයේ අර්බුදය තවදුරටත් දිගුවක් කරමින් පක්ෂයේ කෙනෙක් සභාපති නොකර පිටින් ආදේශ කර වැඩ බලන සභාපති පත්කිරීමම විශාල වේදනාවක් බවද ඔහු සඳහන් කළේය.

තමන් සහ තිලංග සුමතිපාල එක්ව බලන්නේ පැත්තක් නොගෙන මැද තැනක සිට පක්ෂය නිවැරදි තැනට ගැනීම බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහටහ විසින් ගෙන ඇත්තේම මෝඩ තීරණ බවද දයාසිරි ජයසේකර මහතා පවසන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...