මහින්දව අයින් කරලා අපි අගමැති කරන්නෙත් පොහොට්ටුවේම මන්ත්‍රීවරයෙක් – ගම්මන්පිල (VIDEO)

විශ්වාසභංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව අන්තර්කාලීන ආණ්ඩුවෙහි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයකු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“ආණ්ඩුවේ ඉවත්වීමක් සිදුවෙන්නෙ නැත්නම් අපි මේ විශ්වාසභංග යෝජනාව මේ සතිය ඇතුළත භාරදෙනවා. අපි හැබැයි ඊට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ජනතාව විසින්වත් මන්ත්‍රීවරුන් විසින්වත් ඉවත් කරන්න කලින් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය නික්ම යාමකට පසුබිම සලසාවි කියලා. අපි අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙන්නෙත් හැමෝටම පිළිගත හැකි පොහොට්ටුවේම මන්ත්‍රීවරයෙක් අගමැති තනතුරට පත් කරගෙන. සියලුම පක්ෂ එකතුවෙලා කවුද ඒ මන්ත්‍රීවරයා කියලා තීරණය කරගන්න ඕනෙ. අපේ පක්ෂ අතර දැනට නමක් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ නම දැන්ම නොකියන්නේ ඒ වැඩේ සාර්ථක වෙන්න ඕනෙ නිසා”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...