පොලිස් කොමිසම මාරුවීම් අනුමත කරයි. අජිත් රෝහණ පොලිස් මූලස්ථානයට !

Date:

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් සඳහා ලබාදී තිබුණු ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අද (26) අනුමත කර තිබේ.

තමන්ට ලැබුණු ස්ථාන මාරුව යම් පළිගැනීමක් යැයි හැඟවෙන ආකාරයෙන් ඊට විරෝධය දක්වමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිසම වෙත යවා තිබුණු ලිපිය ද එම කොමිසම විසින් සලකා බලා ඇති අතර ඒ අනුව එම ලිපියෙන් දක්වා ඇති කරුණු පිළිබඳ විමර්ශනය කර තීරණයකට එළඹෙන තෙක් අජිත් රෝහණ මහතාව කාර්යභාරයක් පැවරීමෙන් තොරව පොලිස් මූලස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර ඇත.

අජිත් රෝහණ මහතාට මාරුවීම ලබාදී තිබුණේ නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් වන අතර එම තනතුර එසේම පුරප්පාඩුව පවතින්නට ඉඩහැර උතුරු මැද පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව නැගෙනහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙහි වැඩබැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත්කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් (Galitos) ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට

දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන...

තුන් කොන් විස්සයි විස්සේදී දසුන්ට නායකත්වය – පවන් සංචිතයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: සෞඛ්‍යමය ගැටළු මත චරිත්...

පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුගේ නඩු විභාගයක් ලන්ඩනයේදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 අගෝස්තු මාසයේදී...