මායාව මායාව ලොව රවටනා..

Date:

ටික වෙලාවකට මායාවක් ඇතුළෙ ඇවිදගෙන යන්න අවස්ථාවක් හම්බෙනවට කට්ටිය කැමතිද? මයින්ඩ් එකට අහු වෙන්නැති හැබැයි ඇස්වලින් උඹලට පේන දෙයක්. ඔලුව අඤ්ඤකොරොස් කරගන්න පුළුවන් පොඩි වෙලාවකට. මේවට සිංහලෙන් කියන්නෙ ඉලූෂන්ස් කියලා. ඉමේජර්ස්, ආර්ට්ස්, ස්කල්ප්චර්ස් වගේ මේ හැම එකක්ම ඉලූෂන් එකක් විදියට ප්‍රසන්ට් කරන්න පුළුවන්. ස්කල්ප්චස් නම් බොහෝවිට 3D විදියට හැදෙනවා. 

අපේ ඇහැට පුරුදු 2D දේවල් දැකලා. 3D දෙයක් දැකීම ම වෙනම ආතල් එකක් ඇහැට ගේනවා. ලෝකෙ 3D ඉලූෂන් මියුසියම් පවා හදලා තියෙනවා. ඒකෙ ප්‍රධාන අරමුණ වෙන්නෙ එන්ටර්ටේනින්. ලෝකෙ ඉන්න එක එක ආර්ටිස්ට්ලගෙ නිර්මාණ මේවයේ තියෙනවා. Museum of illusions කියන කන්සෙප්ට් එක ගේන්නෙ ක්‍රොඒශියාව. තමන්ගෙ රටේ පටන් අරගෙන ලෝකෙ ප්‍රසිද්ධ ටවුන් ලොට් එහෙක මෙහෙම කටුගෙවල් නිර්මාණය කරනවා. ඒවගෙ අස්සෙ වෙනම ජර්නි එකක් යන්න මිනිස්සුන්ට පුළුවන්. ඒක ටුවරිසම් බේසිස් වැඩකුත් වෙනවා. ඉලූෂන්වලටම හදපු මියුසියම් කතාව එහෙමයි. 

ඒ කිව්වෙ ඉන්ඩොර් ඉලූෂන් ගැනනෙ. අවුට්ඩෝර් ඉලූෂන් කොන්සෙප්ට් එකකුත් තියෙනවා. ස්ට්‍රීට් ආර්ට් එහෙමත් තියෙනවා 3D ඉලූෂන්ස් විදියට ඇඳපු. ඒකනම් ලංකාවට අලුත් දෙයක් නෙවේ. හැබැයි ස්කල්ප්චර් කල්චර් එකේ එක්සෙප්ෂනල් නිර්මාණ, ටිකක් විතර අපිට අඩුයි.  ලෝකෙ ඇතුළෙ ඒවගෙ නිර්මාණ පුදුම විදියට තියෙනවා. මේ ආටිකල් එකත් එක්ක baltimora එල්ලන වීඩියෝවලින් ඒ පුදුමය වර්චුවලි අද්දකින්ඩ කට්ටියට පුළුවන්.

Stacy Rangel Stec appears to float in the symmetry illusion room at the Museum of Illusions in Philadelphia. (Emma Lee/WHYY)

මේ ඉලූෂන් හැදිල්ල අස්සෙ වෙනම ෆිලෝසොෆියක් ජෙනරේට් වෙනවා. මේවා අපේ ඇස්වලට පෙනුනට අගක් මුලක් මයින්ඩ් එකට කැප්චර් කරගන්න බැරි වෙනවා. ඒක ‘ඉලූෂන්’ එකක් වෙන්නෙම ඒ නිසයි. හරියට ලයිෆ් එක්ස්පීරියන්සස් වගේ. සමහර දේවල් ඉලූෂන් එකක් විදියට අද්දකින තරමට ආතල්. හැබැයි පුතේ ඉලූෂන් එකේම ලැගලා ඉන්න ගියොත් හරි ඉලූෂන් එකේ අග-මුල හොයන්න ගියොත් හරි ආතල් කුඩු වෙනවා. ඒවා හදන එක පට්ට අමාරු වැඩක්. හිස් අවකාශයක් එක්ක රූපයක් නිර්මාණය කරන එකෙක් හැබෑවටම ඉලූෂනිස්ට් කෙනෙක්. ඉන්ස්ටන්‍ට් ආතල් එකක් මවන ලයිෆ් මාවල් එකක් තියෙනවා නං ඒ ඉලූෂන් එකක්.

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...