පරාටේ නීතියට තාවකාලික විරාමයක් දීම ප්‍රමාණවත් නැහැ. එම පනත කඩිනමින් සංශෝධනය විය යුතු යි – සජිත් (VIDEO)

Date:

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන පරාටේ නීතිය පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් හඬක් නැගීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය තාවකාලිකව යම් කාලයකට අත්හිටුවන්න කැබිනට්ටුව තීන්දුවක් ගත්තත් එය ක්‍රියාවට නංවන්න පනත සංශෝධනය කරන්න සිදුව ඇති බවත් ඒ සඳහා කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධන සංශෝධන පනත” මේ සභාවේ සාකච්ඡාවට ලක් කර මෙම සංශෝධනය ක්‍රියාවට නැංවිය යුතු බවත් එය මෙරට 45 ලක්ෂයකට රැකියා සපයන මේ කර්මාන්තකරුවන් වෙනුවෙන් කරන යුතුකමක් බැවින් ඊළඟ දිනයේ දී මෙය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර සම්මත කර දිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ණය නොගෙවන්න කාලය තිබුණත් අවසානයේ එම මුදල තවත් ණය බරක් බවට පත් නොකර මෙම කාලය තුළ කඩා වැටුණු ගරා වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දරාගත හැකි ප්‍රාග්ධනයට ප්‍රවේශය සහ කාරක ප්‍රාග්ධනය ලබා දීමට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...