සූරිය මංගල්ලේ විකෘති කළැයි රිමාන්ඩ් කර සිටි සැකකරුට ඇප

Date:

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලද “සූරිය මංගල්ලේ” ගීතය විකෘති කළැයි අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු ඇප මත මුදාහරින ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා (24) නියම කර තිබේ.

එම නඩුව කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරමින් ප්‍රකාශ කළේ අසභ්‍ය වචන භාවිතා කරමින් සූරිය මංගල්ලේ ගීතය ප්‍රතිනිර්මාණය කිරීමක් සැකකරු විසින් නොකළ බවත් අන්තර්ජාලයේ තිබූ වීඩියෝවක් බාගත කර තම සමාජ මාධ්‍ය ගිණුමේ උඩුගත කිරීම පමණක් ඔහු සිදුකර ඇති බවත් ය. ඒ අනුව ගීතය උඩුගත කිරීම පිළිගන්නා නමුත් එම නිර්මාණයට සැකකරුගේ කිසිදු දායකත්වයක් නොමැති බවයි නීතීඥවරුන් සඳහන් කළේ.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙස නියම කළ අතර ඇපකරුවන් ග්‍රාම නිලධාරී සහතික මගින් සනාථ කළයුතු බවට ඇප කොන්දේසියක් ද පැනවීය.

එසේම සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...