වත්මන් රජය අධික ලෙස වීසා ගාස්තු වැඩි කිරීම නිසා රටට සිදුවන අහිතකර බලපෑම් රැසක් විපක්ෂ නායක සජිත් හෙළිකරයි (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරයත් කෝවිඩ් වසංගතයත් මගින් සිදුවූ අහිතකර බලපෑමෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය නැවත ප්‍රගතියක් ලබා ඇති බවත් එවැනි පසුබිමක් තුළ වත්මන් රජය වීසා ගාස්තු වැඩි කර ඇති බවත් එය පිබිදෙමින් පවතින මෙරට සංචාරක කර්මාන්තය යළි බිඳ වැටීමකට සිදුවිය හැකි බවත් සංචාරක කර්මාන්තය කඩා වැටුණහොත් එය සමස්ත රටටම අහිතකර බලපෑමක් එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ වීසා ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

මෙසේ වීසා ගාස්තු වැඩි කිරීමට හේතු විමසා සිටි විපක්ෂ නායකවරයා සාර්ක් සහ සාර්ක් නොවන රටවලට වෙන් වෙන් වශයෙන් අය කරන වීසා ගාස්තු ප්‍රමාණය සහ පසුගිය වීසා ගාස්තුවලට සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් වීසා ගාස්තු වැඩි කර ඇත් ද කියා සංසන්දනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළේය.

එමෙන් ම ද හොටෙල් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා වැනි ආයතන දෙකක් වීසා ගාස්තු වැඩි කිරීම ගැන විමතියට පත් වී ඇති බවත් අනෙකුත් රටවලට සාපේක්ෂව මෙය ඉහළ අගයක් බවත් මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් විමසීමක් කළේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ වීසා ගාස්තු අමතර ගාස්තු සමග සාර්ක් නොවන රටවලට ඩොලර් 100 දක්වාත් සාර්ක් රටවලට ඩොලර් 58 දක්වා වැඩි වුවත් තායිලන්තය ඩොලර් 30-50ත් අතර කැම්බෝඩියාව ඩොලර් 36යි, වියට්නාමය ඩොලර් 25ක්, මාලදිවයින වීසා ගාස්තුවලින් තොර වීම, බාලි ඩොලර් 50, කෙන්යා ඩොලර් 51ක් බවත් මෙවා සමග සංසන්දනය කරන විට වීසා ගාස්තු වැඩි වීම ඉහළ මට්ටමකට ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේ ම මීට පෙර වීසා නිකුත් කළ ක්‍රමවේදයෙන් බැහැරව වීසා අයදුම් කිරීමේ ක්‍රමවේදය සඳහා යොමු වීමට හේතු සහ ඒ සම්බනධයෙන් ආගමන විගමණ දෙපාර්තමේන්තුවට ඇති පාලනය මෙන් ම මේ නිසා රැකියා අහිමිවීමක් සිදු වන්නේ ද කියා ගැටලු පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම සංචාරකයන්ට සිංගල් එන්ට්‍රි වීසා මේ වන විට ලබා දීමට නොහැකි යැයි වාර්තා වන බවත් ඊට විකල්පය ලෙස ලබා දෙන වීසා භාවිත කර මෙරටට පැමිණෙන ඇතැම් පුද්ගලයන් මෙරට තුළ නීතිවිරෝධී හා වංචනික ක්‍රියා සිදු කරන බවත් මාර්ගගත ණය ලබා දීමේ වැඩසටහන් පවා ඔවුන් ක්‍රියාත්මක කළ බවත් මේ සම්බන්ධයෙන් තමා නිසි බලධාරීන් පවා දැනුවත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

තව ද වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වූ අවස්ථාවේ මේ සම්බන්ධ අනුකමිටුවක් ස්ථාපිත කළ බවත් එම අනුකමිටු වාර්තාව තුළ පැහැදිලිව සදහන් ආකාරයට පවතින ක්‍රමයේ ඇති මෘදුකාංග පහසුකම් නව ක්‍රමයේ නොමැති බවත් පවතින ක්‍රමය තුළින් අය කර ඇත්තේ ඉල්ලුම්කරුවන්ගෙන් එක ඩොලර් එකක් වුවත් නව ක්‍රමය යටතේ ඩොලර් 18 දක්වා වැඩි වී ඇති බවත් මෙය අප රටේ නීතියට අනුව ක්‍රියාත්මක වන්නේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...