*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

බැංකු ගිණුම් තිබුණත් ඉන් 60% ක්ම රුපියල් 5000 ට වඩා අඩු තැන්පතු බව හෙළිවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW):මෙරට ජනතාව විසින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී ඇත.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසුවේ, මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයකි (57,200,000) එම බැංකු ගිණුම්වලින් 60% ක්ම රුපියල් 5000 ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවත්, බැංකුවලට අය නොවන ණය ප්‍රමාණය සාමාන්‍ය කාලවලදී 4% ත් 5% ත් අතර ප්‍රතිශතයක පැවතියත්, මේ වනවිට අය නොවන ණය ප්‍රමාණයේ ප්‍රතිශතය 13% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බවද කියා සිටියේය.

බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80 කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බවත්, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan