*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ලාංකේය කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමට ඩුබායි හී දී ඇගයීමක්

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 27, කොළඹ (LNW): ඩුබායි හී පැවැත්වෙන විසි එක්වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා සුරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන්ටද ඉහළ පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දෙන්නට ආචාර්ය කැලුම් සුජිත් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලයන්ස් සංවිධානය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය මෙන්ම ඩුබාහි වෙසෙන ශ්‍රී ලාංකික ත්‍යාගශීලීන්ද එක් කරගනිමින්,මේ කාර්යය ඉතාමත් සාර්ථක අයුරින් ඉටු කිරීමට ශ්‍රී ලයන්ස් පියවර ගෙන තිබේ.

මාර්තු මාසයේදී ආචාර්ය කැළුම් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ,මෙම ක්‍රීඩා තරගාවලිය සම්බන්ධයෙන් සහ එම තරගාවලිය නියෝජනය කිරීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් LNW ක්‍රීඩා අංශයද ඔහුව දැනුමත් කිරීමට පියවර ගත්තේය.එහිදීද ආචාර්ය කැළුම් සුජිත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පළල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය දීමට තමන් මැදිහත් වන බවය.

එම පොරොන්දුව ද සිහිපත් කරමින් ශ්‍රී ලයන්ස් සංවිධානය ඉහත සඳහන් කළ අනෙකුත් පාර්ශ්වවල සහයට ලබා ගනිමින් ක්‍රීඩකාවන්ට පාවාඩ ලබාදීමට පියවර ගෙන ඇති බව LNW වෙත දැන ගන්නට ලැබිණි.

තරගාවලියේ අවසාන දිනය වන අද ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබෙන බව ඩුබායිවලින් තොරතුරු වලින් අනාවරණය වේ.එසේම ශ්‍රී ලන්ස් හරහා සියලු පදක්කන් ලාභීන්ට මුදල් තිරණ පිරිනැමීමක්ද සිහිවටන පිරිනැමීමක්ද සිදුකිරීමට නියමිත බවත් වාර්තාවේ.
එසේම මෙම තරගාවලියට සහභාගි වීමට, සිය පෞද්ගලික වියදමින් තමන් යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් තරග උළෙල නියෝජනය කිරීමට පැමිණ සිටින පුහුණුකරුවන් කෙරෙහිද ශ්‍රී ලයන්ස් විශේෂ අවධානය යොමු කර තිබෙන බව දැනගන්නට ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan