ඉල්ලා අස්වෙන්න නම් මහින්දගෙන් කොන්දේසියක් – ඕමල්පේ සෝභිත හිමි අනාවරණය කරයි (VIDEO)

Date:

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

“අග්‍රාමාත්‍යතුමා කියනවා මා ඉල්ලා අස්වෙන්නම්, කිසිම ප්‍රශ්නයක් නෑ, ඒකට මම සූදානම්. ඉල්ලා අස්වීමට මම සූදානම්. එහෙත් ඒ ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවෙන හිඩැස පිරවීමට කල්ගත වුණාම රටට රාජ්‍ය පාලනයක් නැතිවෙනවා. මෙන්න මේ වැකුම් එක හෙවත් හිස්තැන පුරවන්න කොච්චර කල් යනවද ? ඒ කාලසීමාව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා කියලා. අපි කිව්වා ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල යටතේ රටේ පරිපාලනය මෙහයවාගන්න පුළුවන් කියලා. නමුත් අග්‍රාමාත්‍යතුමා දිගින් දිගටම කිව්වා ජනාධිපතිතුමාගේ බලතල යටතේ පවත්වන්න බෑ රට. අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත්වෙනවිට රට අස්ථාවර වෙනවා කියලා. රට අස්ථාවර වුණොත් මේ තියෙන තත්වය භීෂණයක් බවට පත්වෙයි, තවත් අර්බුද පහළ වෙයි. ඒ නිසා මා ඉල්ලා අස්වෙනවා කිසිම සැකයක් නෑ, ඒකාන්තයි. පාර්ලිමේන්තුවේ අනෙක් සියලුම පක්ෂ එකඟ කරගෙන ඊළඟ පියවර තබන හැටි ස්ථිරවම තීරණය කරන්න. ඒ කියන්නෙ අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගැනීම සඳහා ඒකමතික තීරණයකට එන්න. අග්‍රාමාත්‍යවරයා කවුද, ඔහු පත්කරන විදිය පිළිබඳ ඒකමතිකත්වයකට එන්න, තමන් තමන්ගේ පදවියෙන් ඉවත් වෙන්න සූදානම් කියන එක තමා එතුමා කිව්වෙ. දැන් අපි මේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සමග නැවත සාකච්ඡා කරනවා. පක්ෂ නායකයින්ගේ එකමුතුවක් හදාගෙන ඉතාමත්ම ඉක්මනින් මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ වගකීම පෙරටුකොටගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා”

ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවේ මහානායක හිමිවරුන් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (26) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...