පාස්කු ප්‍රහාරය : සාරා ගැන සෙවීමට සයින්දමරුදු මළ සිරුරු අද යළිත් ගොඩගැනේ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැත්තිය මියගොස් ඇතිද යන්න යළි තහවුරු කරගැනීම සඳහා අම්පාර – සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු කොටස් අද (27) යළි ගොඩගැනීමට නියමිතව තිබේ.

සාරා ජෙස්මින් යනු මීගමුව කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන් නමැත්තාගේ බිරිඳ වේ.

ඇය ඉන්දියාවට පළාගොස් ඇති බවට ඇතැම් සාක්ෂි විමර්ශනවලදී ලැබී තිබුණු නමුත් රජය දිගින් දිගටම ප්‍රකාශ කළේ ඇය මියගොස් ඇති බවකි.

මීට පෙර අවස්ථා දෙකකදී මෙම සයින්දමර්දු බෝම්බයෙන් මියගිය අයගේ සිරුරු කොටස් සහ සාරාගේ DNA සංසන්දය කළ නමුත් ඇයගේ මළසිරුර එහි ඇති බවක් තහවුරු වූයේ නැත.

කෙසේවෙතත් අද නැවත වතාවක් එම සිරුරු කොටස් ගොඩගෙන සාරාගේ DNA හඳුනාගැනීම සඳහා පරීක්ෂාවට යැවෙනු ඇති අතර අම්පාර මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියා, රජයේ රස පරීක්ෂකවරයා සහ විමර්ශන නිලධාරීන් එම අවස්ථාවට එක්වෙනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...