සර්ව පාක්ෂික ආණ්ඩුවේ මූලික සැලැස්ම අපි හදලා ඉවරයි. දැන් අනිත් පක්ෂ එක්ක සාකච්ඡා කරනවා – ලන්සා

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ මූලික සැලැස්ම තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කර අවසන් බවත් අද (27) දිනයේ සිට තමන්ගේ එම සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

“සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවේ මූලික සැලැස්ම අපි දැන් හදලා ඉවරයි. හෙට (27) සිට අපි මේ රටේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කරනවා. අද ඒ පිළිබඳව ඒකමතිකව තීරණයකට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්තෙන් අස්වෙලා ගියොත් මිසක් ව්‍යවස්ථානුකූලව ඒක විශාල කාර්යභාරයක්. හැබැයි අපි යෝජනා කරලා තියෙනවා ජාතික සභාවකට බලය ගේන්න”

නිමල් ලන්සා මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව වී සිටින මන්ත්‍රී කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ කොළඹදී පැවැත්වූ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විමල් වීරවංශ, අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...