සමඟි ජන බලවේගය විසින් රජයට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ විශ්වාසභංග යෝජනාවෙන් රජය පරාජයට පත්වුවහොත් සිදුකෙරෙන බල හුවමාරුවකදී රටේ ස්ථාවරත්වය බිඳ නොවැටෙන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවයි.
ඒ අනුව එය සම්මත වීමට පෙර ඉදිරි පියවර සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙන ලෙසයි ඔහු පවසන්නේ.
මේ අතර අගමැති ධූරයෙන් සිදුවන වෙනසකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුම එයට පත් නොවීමට වගබලා ගත යුතු බවද ඔහු සඳහන් කරයි.
ASK