පවන, සෙරෙප්පු සුප් සහ සජිත් පුතාණෝ …

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (26) දිනයේදී මහනුවර සිට කොළඹ දක්වා දින පහක පාගමනක් ආරම්භ කළ අතර මහනුවරින් එය ගමන් ආරම්භ කරන අවස්ථාවේදී එහි නන්දා මාලිනියගේ “පවන” ප්‍රසංගයේ ගීත වාදනය වී ඇති බවක් අසන්නට ලැබිණි.

පාගමනේ දෙවැනි දිනය වන අද (27) එය මාවනැල්ලෙන් ආරම්භ වූ අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා උද්වේගකර කතාවක් කරමින් “බැසිල් රාජපක්ෂගේ සෙරෙප්පු සුප් බීපු කණ්ඩායම් තමන්ට සහ සමගි ජනබලවේගයට හොර හැත්තත් එක්ක ඩීල් දානවායැයි චෝදනා කරන බවත් රට කාපු හොර හැත්තත් එක්ක සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය හෝ සජිත් ප්‍රේමදාස ඩීල් දමන්නේ නැති බවත්” ප්‍රකාශ කර තිබිණි.

මේ ටික කියන්නේ නොකියා බැරි නිසා ය.

සජිත් ප්‍රේමදාස මහතාණෙනි, පවන ප්‍රසංගය නන්දා මාලිනියගේ සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බව කියැවුණත් ඇත්තටම එහි හිමිකරුවා වන්නේ ඔබේ පියාණෝ ය. පවන ප්‍රසංගයක් නිර්මාණය වන්නට අදාළ පසුබිම රටේ නිර්මාණය කළේ ඔබේ පියාණෝ විසිනි. එහෙයින් පුතාණෝ වශයෙන් ඔබ පවන ප්‍රසංගයේ ගීත වාදනය කරමින් මඟට බැසීම යනු ඇඬෙන විහිළුවකි.

ඇත්තෙන්ම ඒ යුගයේ ඔබ අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගොස් සිටින්නට ඇති අතර ඔය පාගමන සංවිධානය කළ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරත් අවුරුදු පහේ – දහයේ කුඩා දරුවන්ව සිටින්නට ඇත. එහෙත් අප සිටියේ මේ රටේ ය. ඒ නිසා ඔබ යන මඟක පවනේ ගීත වාදනය කරගැනීමේ ආදිනව ඔබත් හරීනුත් මනූෂත් නොදැන සිටියා වෙතත් අපට නම් හොඳටෝම පෙනේ.

ඊළඟට සෙරෙප්පු සුප් කතාව ගතහොත් එහි මුල් කතාව කීවේ ඒ. ජේ. රණසිංහ ය. ඒ කතාවේ සෙරෙප්පු දෙකත් ඔබේ පියාණෝගේ ය. ඒ අනුව ඔබ සෙරෙප්පු සුප් කතාවක් කියනා විට එය වදින්නේ බැසිල්ට හෝ වාසුදේවට නොව ඔබටම ය.

කවුරුන් කැමති වුවත් නැතත් ලංකාවේ දැනට පවතින දේශපාලන වාතාවරණය අනුව මීළඟ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ වැඩිම සම්භාවිතාව ඇත්තේ සජිත් ප්‍රේමදාස වන ඔබට ය. එහෙත් මෙවැනි හැසිරීම් පෙන්වීමට ගියොත් නම් අතට වැටෙන දේ කටට දාගැනීමට ඔබට නොහැකි වීමටත් ඉඩ ඇත.

පියාණෝගේ වැරදිවලට එවකට දේශපාලනයේ නියැළුණේ නැති පුතාණෝ වගකිව යුතු නොමැති බව ඇත්තකි. එහෙත් මිනිස්සුන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන ඇන ඒ වැරදි යළි සිහිපත් නොකර සිටීමට පුතාණෝ ඉගෙන ගත යුතුය …

  • දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...