ඉන්දියාව හා පාකිස්ථානය අතර දෙවන දිනටත් වෙඩි හුවමාරුවක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී පසුගිය 23 වන දින දේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු වූ මාරාන්තික වෙඩි තැබීමෙන් 26 දෙනෙකු මිය යාමෙන් අනතුරුව දෙරට අතර සබඳතා බිඳ වැටීමෙන් පසු දෙවන වරටද දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම පකිස්ථානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තායිබා සන්නද්ධ කණ්ඩායම භාර ගැනීමත් සමඟ ඉන්දියාව හා පකිස්ථානය එකිනෙකාට එරෙහිව පියවර රැසක් අනුගමනය කරන ලදී.

ඉන්දියාව සියලුම පකිස්තනුවන්ට සිය රටෙන් පිටවන ලෙස පැය 48ක කාලයක් ලබා දුන් අතර වසර හයක් පැරණි ජල ගිවිසුමද අත්හිටුවන ලදී. පාකිස්තානය ද ඉන්දියානු ගුවන් සමාගම් සඳහා තම ගුවන් අවකාශය වසා දැමු අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සඳහන් කර තිබුණේ, ත්‍රස්තවාදීන් පෘථිවියේ කෙළවර දක්වා දඩයම් කරන බවයි.

කෙසේ නමුත් මේ වන විට දෙපාර්ශවයම කාශ්මීර කලාපයේ හමුදා කඳවුරු සකසමින් සිටින අතර පකිස්ථානය ප්‍රහාරය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්, සාමයට අනුග්‍රහය දක්වන බවත් ප්‍රකශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...