බංකොලොත් රටක් බාර අරන් මාස 5න් ගොඩදැම්මා. මාස 60න් 60 ට ආයෙ දිගටම බලයට එන්නේ අපිම තමයි – ඇමති මහින්ද

Date:

මින් ඉදිරියට වසර පහෙන් පහට පැවැත්වෙන සෑම මැතිවරණයකින්ම බලයට පැමිණෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩු පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“මේ මාස පහ ඇතුළෙ සමහරු අහනවා මොනවද කළේ කියලා. අපි මොනවද නොකළේ ? බංකොලොත් රටක් බාරගත්තෙ. ආර්ථික වශයෙන් හාන්සි කරලා තිබුණෙ මේ රට. එහෙම ආණ්ඩුවක් තමයි මාස තුනක අයවැයකින් මේ රටේ හැම ජනකොටසක් ගැනම බැලුවේ. මේ ආණ්ඩුවට තියෙනවා තව මාස 55ක්. ඊටපස්සෙ ආයෙ ඡන්දෙ එනවා 2030 වෙනකොට. ඊළඟ මාස 60 ට කවුද බලයට එන්නේ ? මාලිමාව … සද්දෙට කියන්න, මාලිමාව. ඊටපස්සෙ තව මාස 60 කින් තව එනවා ආයෙ ඡන්දයක්. ඒකෙන් කවුද බලයට එන්නේ ? ඒත් මාලිමාව. ආයෙ මාලිමාව ගෙදර යවනවාද ඔබ තමුන්නාන්සෙලා ?”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජා-ඇල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...