කොළඹ නගරයට බහු මහල් රථගාල් හතරක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදිකිරීමට නියමිත අතර , නාගරික සංවරධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථගාල් ඉදිකරනු ලැබේ.

එයින් රථගාල් දෙකක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලබන අතර අනෙක් රථගාල් දෙක පෞද්ගලික අශය විසින් ඉදිකෙරෙනු ඇත . කොළඹ ටොලිකොම් ආයතනය ඉදිරිපිට, පැරණි මාළු වෙළඳ පොළ, නාරාහේන්පිට ප්‍රදේශවල මෙම රථගාල් ඉදිකිරිමට නියමිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රදානත්වයෙන් පෞද්ගලික අංශයේ දායකත්වය යටතේ ඉදිකළ කොළඹ 02, යූනියන් පෙදෙස පොදු රථ ගාල ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණි. ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගම විසින් මෙම රථගාල ඉදිකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,400ක් වැය වී ඇත. මෙහි හිමිකාරිත්වය වසර 30න් පසුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරේ.

මහල් 08 කින් සමන්විත මෙම රථගාලේ වාහන 300ක් පමණ ගාල් කිරීමට හැකියාව ඇත. රථගාලේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ පරිගණක ඔස්සේය. නවතා තබනු ලබන සියළුම වාහනවල සම්පූර්ණ ආරක්ෂාව මේ තුළ සපයා ඇත. ඒ අනුව මාසික ආදයමෙන් ලැබෙන ආදායමෙන් 20%ක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට ගිවිසුම් ගතව ඇති බව පැවසේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මහජන රථගාල් නොමැති වීම නිසා ඇතිව තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ මැදිහත් වීමෙන් මෙවැනි නාගරික අපරව්‍යුහ ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ අවධානය යොමුව ඇති බව ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...