*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ශතක වාර්තාවලින් පිරුණු තරගයක්

අයර්ලන්තය සමඟ ශ්‍රී ලංකාව ගැටෙන දෙවන ටෙස්ට් තරගය වාර්තා ගහන තරගයක් බවට පත් වි ඇත.තවත් දිනය් ඉතිරිව තිබියදි මේ දක්වා තරගයේ වාර්තා වි ඇති ශතක ප්‍රමාණය 5 ක් වන අතර ඉන් දෙකක්ම ද්විත්ව ශතකය.තරගයකදි කණ්ඩායම් දෙකක් වෙතින් වාර්තා වි ඇති වැඩිම ශතක ප්‍රමාණය හතක් වන අතර එම තරගය 1955 දි පවත්වා ඇති අතර ඕස්ට්‍රේලියාව ඉණිමකින් සහ ලකුණු 82 න් ජයගත් එම තරගයේ පරාජිතයන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය.එහදී කොදෙව් ඉණිම දෙකට ශතක දෙකක් වාර්තා වූ අතර එම ශතක දෙකම පිළිවෙළින් ප්‍රථම ඉණිමේ ලකුණු 155 ක් සහ දෙවන ඉණිමේ ලකුණු සියයක් ලෙස ක්ලයිව් වෝල්කොට් වාර්තා කර ඇත.ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කොලින් මැක්ඩොනල්ඩ් (127),නිල් හාවි (204),කීත් මිලර් (109),රොන් ආචර් (128) සහ රිචී බෙනෝ (123) ලෙස ශතක පහක් වාර්තා කළහ.

තනත් දවසක් සහ අයර්ලන්ත ඉණිම සහ ශ්‍රී ලංකා ඉණිම ද ඉතිරිව ඇති බැවින් තවත් ශතකයක් වාර්තා වුවහොත් මෙම තරගය එම වාර්තාව සම කර තරගයක් බවට පත් වුවත් වැඩි වටිනාකම මෙම වාර්තාවට එකතු වනු ඇත.ඒ මෙම වාර්තාවට මේ වන විටත් ද්විත්ව ශතක දෙකක්ම එකතු වි ඇති බැවිනි.

ටෙස්ට් ඉණිමක මුල් පිතිකරුවන් සිව් දෙනාම ශතක ලැබූ අවස්ථාවේ තෙවැන්න බවට ශ්‍රී ලංකා ඉණිම පත් විය.අංක 1,2,3,4 යන පිතිකරුවන් සිව් දෙනාම ශතක ලාභින් වූ එම තරග සටහන පහතින් සඳහන් කරන අතර එහිදි ද ඉන් ශතක දෙකක්ම ද්විත්ව ශතක බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතින් පමණි.

*ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව 2007 වසරේ දී
දිනේෂ් කාර්තික්- 129
වසීම් ජෆාර්- 138
රාහුල් ඩ්‍රාවිඩ්- 129
සචින් ටෙන්ඩුල්කාර්- නොදැවී 122

* පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 2019 වසරේ දී
ශාන් මසූඩ්- 135
අබිඩ් අලී- 174
අසාර් අලී- 118
බාබර් අසාම්- නොදැවී 100

*ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව 2023 දී
නිෂාන් මධුෂ්ක- 205
දිමුත් කරුණාරත්න- 115
කුසල් මෙණ්ඩිස්- 245
ඇන්ජලෝ මැතිව්ස්- නොදැවී 100

ලකුණු 492 ක ලකුණු පූවරුව අයර්ලන්තයට ඓතිහාසික වටිනාමක් එකතු කළේය.ඒ ඔවුන්ගේ ඉණිමක හොඳම විශාලම ලකුණු ප්‍රමාණය විය.නමුත් ශ්‍රී ලංකා පිතිකරුවෝ එම අභිමානය සුනු විසුණු කර දැමූහ.ආරම්භක කඩුල්ලට දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුශ්ක එකතු කළ සබඳතාවය ලකුණු 228 ක් විය.එම ලකුණු ප්‍රමාණයෙන් දිමුත් දැවී යාම ගැන සැනසුම් සුසුමත් හෙලන්නටවත් ඉඩක් නොතැබූ කුසල් මෙණ්ඩිස් මධුශ්ක හා එක්ව දෙවන කඩුල්ලට එකතු කළ ලකුණු සබඳතාවය 268 කි.නිශාන් මධුශ්ක සිය පළමු ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පෙරළමින් ඔහුට විශාල ඉණිම් සම්බන්ධයෙන් ඇති ශක්‍යතාවය යළිත් පැහැදිළි කළේය.
නමුත් කුසල් මෙණ්ඩිස් මෙල්ල කිරීම පහසු වූයේ නැත.පිටියේ හතරේ සීමාවන් විශාල නොකර හයේ පහර නවතා ගැනිමට අපහසු තරමේ දුෂ්කර තත්ත්වයකට පත් වූ අයර්ලන්ත පන්දු යවන්නන්ට කුසල්ගේ ප්‍රහාරයන් 11 ක් ම හතරේ සිමාවට මෙපිටින් පතිත නොවී ඉහළින් හයේ පහරවල් වන හැටි බලා සිටින්නට සිඳු විය.අවාසනාවකට වසීම් අක්රම් සතුව පවතින ටෙස්ට් ඉණිමක වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව වන 12 ට එක හයේ පහරක් මෙපිටින් කුසල්ගේ ඉණිම අවසන් විය.1996 දී අක්රම් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබා ගත් එම වාර්තාව හා ගොස් ශතක එකොළහේ නැවතුණු හයවන පිතිකරුවා බවට පත් වෙන්නට කුසල්ට සිඳු විය.පහත දැක්වෙන්නේ එම හයේ පහර එකොළහේ කණ්ඩායමය.
නේතන් ඇස්ටල් (නවසීලන්තය)- 11- එංගලන්තයට එරෙහිව 2002 දී
මැතිව් හේඩන් (ඕස්ට්‍රේලියාව)- 11- සිම්බාබ්වේට එරෙහිව 2003 දී
බ්රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)- 11- පාකිස්තානයට එරෙහිව 2014 දී
බ්රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)- 11- ශ්‍රී ලංකාවට එරෙහිව 2014 දී
බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)- 11- දකුණු අප්‍රිකාවට එරෙහිව 2016 දී
කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) -11- අයර්ලන්තයට එරෙහිව 2023 දී

මේ නම් සියල්ලම ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය නාමයන් වන අතර කුසල් ද පා තැබූවේ එම නම් ගොන්නටය.බ්‍රෙන්ඩන් මැකල්ම අක්‍රම්ගේ වාර්තාව ආසන්නයට දෙවරක්ම පැමිණ තිබෙනු දැකීම අපූරුය.

තරගයේ ශ්‍රී ලංකා ඉණිම නිමා අත් හිටුවන්නට පෙර ලහි ලහියේ පන්දු 114 න් ශතකයක් නොදැවී වාර්තා කරපු ඇන්ජලො මැතිවිස් ද සිය ඉණිමේ අවසාන භාගයේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ හයේ පහර සහ හතරේ පහරවලින් ය.ඔහු දැවන්ත හයේ පහර 4 ක් එල්ල කළ අතර කුසල් ග් සහ මැතිව්ස්ගේ හයේ පහර එකතුවට නිශාන් මධුශ්ක ලැබූ හයේ පහරත් එකතු වූ විට ඉණිමට ඇතුළත් වූ හයේ පහර ප්‍රමාණය 16 ක් විය.එය 2014 දී නවසීලන්තය පකිස්තානයට එරෙහිව හයේ පහර 22 ක් ලබා ගෙන ඇති අතර ඕස්ට්‍රේලියාව 2003 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හයේ පහර 17 ක් එල්ල කර ඇති අතර ශ්‍රී ලංකවේ හයේ පහර සංඛ්‍යාව (16) ඉණිමක වැඩිම හයේ පහර සංඛ්‍යාවෙන් තෙවන තැනට පත් වන්නේය.

තරගයේ අවසාන දවස පැමිණෙන්නේ අයර්ලන්තයට ඉණිමක පරාජයෙන් බේරෙන්නට තවත් 158 ක් ලබා ගැනීමට සිඳුව තිබියදී ය.තරගයේ පස්වන දිනයේදි ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් විශේෂයෙන් දඟ පන්දු යවන්නන්ට පළමු ඉණිමේ මෙන් අත දිග හැර ආක්‍රමණික ස්වරූපයෙන් මුහුණ දීම හෙට පහසු නැත.යම් දඟ කැවීමක් දින හතරක් පුරා කඪතොළු හරහා උපයා ගන්නට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙණඩිස් ද ගන්නා උත්සාහය ඉදිරියේ දිගටම ආරක්ෂා වීමත් පහසු නැත.විශේෂයෙන් ජයසූරිය ලොව දෙවන වේගවත්ම ටෙස්ට් කඩුලු ප්‍රමාණයට කඩුලු දෙකක් පමණක් පිටුපසින් සිටින නිසා එම කඩුලු දෙක දවා ගැනීමට ඔහු දරණ උත්සාහයට මුහුණ දීම අයර්ලන්තයට පහසු නොවනු ඇත.ඒ නිසා ආරක්ෂාව මෙන්ම ආක්‍රමණය ද සහිතව නිවැරදිම තීරණය ගත යුතුය.එසේ නොවුණහොත් හෙට දිනය ශ්‍රී ලංකාවට සිය සියවන ටෙස්ට් තරග ජයග්‍රහණය ලැබෙන දිනය වනු ඇත.විශේෂයෙන්ම වැස්ස විසින් අහිමි කළ පැය ගණන ද සැළකිල්ලට ගනිද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පළමු ඉණිමට මුහුණ දුන් ආකාරය අනුව එම අහිමි වූ පැය ගණන ද තරගයට එකතු විණි නම් ශ්‍රී ලංකාව මීටත් වඩා ප්‍රභල තත්ත්වයක පසුවන බව නිසැකය.

තරගයේ ලකුණු පූවරුව පහත දැක්වෙන සබැඳියෙන් පිවිසි හැකිය.ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතක ලැබූ කුසල් මෙණ්ඩිස් සහ නිශාන් මධුශ්කය.
https://www.espncricinfo.com/series/ireland-in-sri-lanka-2023-1363445/sri-lanka-vs-ireland-2nd-test-1363448/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan