බදු ආදායම 216% ක වර්ධනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බදු ප්‍රමාණය රුපියල් මිලියන තුන් ලක්ෂ 16,619ක් ලෙස වාර්තාවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඩී.ආර්.එස් හපුආරච්චි මහතා සඳහන් කරයි.

මෙම වසරේ පළමු කාර්තුවේ බදු ආදායම පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 216% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් , ඉන් ඉහළම ආදායමක්, ”එකතු කළ අගය මත බද්ද” යටතේ අය කර ඇති අතර එම අගය රුපියල් මිලියන 113 578 ක් බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඩී.ආර්.එස් හපුආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ , රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම එම බදු ආදායම ඉහළ යාමට හේතුව බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර කාර්යක්ෂම හා ඵලදායි බදු පරිපාලන සේවාවක් බදු ගෙවන ප්‍රජාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...