IMF ණය වෙනුවෙන් ජනතාවට උගුල් අටවපු ආණ්ඩුවක් මේක! (VIDEO)

Date:

කොළඹ LNW:විදුලි බිල අහස උසට වැඩිකරමින් ආදායම් බදු ඉහළ දමමින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය වෙනුවෙන් ජනතාවට උගුල් අටවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මේ වන විට වෘත්තිකයෝ රට හැර යමින් තිබෙන අතර අනාගත පරපුරේ හෙට දවස කෙබඳු වේද යන අරගලයක පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රට හොඳ තත්ත්වයට පත්වෙනවා නම්,අනාගතය සුභයි නම් ආර්ථිකය ගොඩනැගෙනවා නම් උගතුන් වියතුන් රට හැර යන්නේ ඇයිද යන ප්‍රශ්නය පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

තවදුරටත් විදේශ සංචිත නොමැති බවත් එය වැඩිකර ගැනීමට වැඩපිළිවෙලක් හෝ නොමැති බවයි ඔහු පෙන්වාදුන්නේ.

විදේශ ප්‍රේෂණ වලින් රෝල ගහන ගමන ගෝඨාභය රජප්ස්කහ විනාශ අක්රපු ආර්ථිකය ගොඩගත් බවට දැන් කියන බොරු චූන් කතාවට නොරැවටෙන ලෙස මන්ත්‍රීවරයා ජනතාවට කියාසිටියේය.

එක අතකින් ගොවිතැන විනාශ වී තිබෙන අතර වැඩිම මන්දපෝෂණ සහිත දරුවන් සිටින්නේ බදුල්ලේ බවට අනාවරණය වී තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...