ටික් ටොක් තරුවට මොකද වුණේ?

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව ඝාතනය කර තිබේ.

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බව එරට පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ, ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විනීතභාවය සහ සදාචාරයට පටහැනි ආකාරයේ වීඩියෝ පට හුවමාරු කිරීම හේතුවෙන් උම්ම් ෆහාඩ්ට මීට පෙර එරට අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම්ද නියමකර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...