*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඇමරිකාවේ නගර 50 ක එකම වෙලාවේ Gota Go Home උද්ඝෝෂණ​ …

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට බල කිරීමේ උද්ඝෝෂණ මාලාවක් ඇමරිකා එක්සත් ජනපදයෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් විසින් 2022 මැයි 1 වනදා පැවැත්වීමට නියමිත ය​.

සංවිධායකයන්ගේ අරමුණ වන්නේ එකම වෙලාවක ඇමරිකා එක්සත් ජනපදය පුරා ස්ථාන ගණනාවකදී මෙම උද්ඝෝෂණ පැවැත්වීම ය​. මේ අනුව මැයි 1 වනදා ඇමරිකාවේ නැගෙනහිර වෙලාවෙන් (Eastern Time) සවස 2 ට මෙම උද්ඝෝෂණ ආරම්භ වීමට නියමිත ය​. නිව් යෝර්ක් නගරයේ ටයිම් චතුරශ්‍රය​, වොෂිංටන් ඩී.සී., කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර​, ඇට්ලන්ටා නගරයේ CNN මූලස්ථානය අසළ යනාදී ස්ථාන පනහක පමණ එකම වෙලාවේ මෙම උද්ඝෝෂණ ආරම්භ කෙරෙනු ඇති බව සංවිධායකයෝ අප හා පැවසූහ​.

මීට පෙර ද ඇමරිකාවේ විවිධ ස්ථානවල රාජපක්ෂ ජනාධිපතිවරයාට​ ඉල්ලා අස්වන ලෙස බලපෑම් කෙරෙන උද්ඝෝෂණ පැවැත්වුණි. කෙසේ වෙතත් එම විරෝධතා තනි තනිව සංවිධානය වූ ඒවා විය​. මැයි 1 වනදා උද්ඝෝෂණ මාලාවේ අරමුණ එක්සත් ජනපදය පුරා ඒකාබද්ධ විරෝධතාවයක් සංවිධානය කිරීමයි.

ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන අතරම​, ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව එරට මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙම ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කර තිබේ. මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇමරිකාවේ මිලදී ගෙන ඇති බව කියන​ දේපල පිළිබඳ පරික්ෂා කරන ලෙස ඉල්ලීම් කෙරෙන සන්දේශයන් එරට ප්‍රාන්ත සෙනට් සභිකයන්ට​, ප්‍රාන්ත කොන්ග්‍රස් සභිකයන්ට මෙන්ම ප්‍රාන්ත රාජ්‍ය ලේකම්වරුන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් ද සංවිධානය කර තිබේ. මෙහිදී එම මහජන නියෝජිතයන් හමුවීමට ගොස්, පුද්ගලිකව කරුණු දක්වා එම සන්දේශ බාරදීමට අපේක්ෂිත ය​.

ඇමරිකාවේ වාසය කරන වෘත්තිකයන්, ශිෂ්‍යයන් ආදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජාති, ආගම් සහ දේශපාලන පක්ෂ භේද නොමැතිව මෙම උද්ඝෝෂණයට සහභාගී වීමට නියමිත ය​.

  • මෙහි දිස්වන උද්ඝෝෂණවල ඡායාරූප කලින් පැවති උද්ඝෝෂණ කිහිපයක අවස්ථා ය.
May be an image of one or more people and text that says 'JOIN US TO STAND IN 14 SOLIDARITY WITH OUR FELLOW SRI LANKANS USA-WIDE PROTEST 1ST MAY 2022 SUNDAY) INYOUR 2.00PM ONWARDS (EST) STATE NO MATTER WHERE WE LIVE, SRI LANKA IS WHERE WE WERE BORN AND RAISED. LET'S DO OUR PART FOR OUR MOTHERLAND! AWAIT MORE DETAILS SOON! NUWAN: 662 370 9361 ORGANIZEDBY HIRUNI: 520 373 8996 LANKANS STUDENT COLLECTIVE IN THE US STAND WITH ONE VOICE SRI LANKA'
May be an image of 1 person and text that says 'STAND WITH ONE VOICE SRI LANKA JOIN US TO STAND IN SOLIDARITY WITH OUR FELLOW SRI LANKANS USA-W SA-WIDE PROTEST SRI LANKANS LIVING IN THE UNITED STATES SUNDAY, |ST MAY 2022 2:00 PM (EST) ONWARDS IN YOUR STATE AWAIT MORE DETAILS SOON! CONTACT: NUWAN 662-648-9061 HIRUNI 520-373-8996 ORGANIZED BY SRI LANKAN STUDENT COLLECTIVE IN THE US'
May be an image of 14 people, people standing and road
May be an image of 2 people, people standing and outdoors
May be an image of 4 people and people standing

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan