රඹුක්කනදී තිරිසන් පොලිසිය 15 හැවිරිදි පාසල් සිසුවෙකුටත් පන්න පන්නා වෙඩි තියලා !! (VIDEO)

Date:

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩිතැබීමක් සිදුකර තිබුණු අතර එහිදී 41 හැවිරිදි දෙදරු පියෙකු මරණයට පත්විය.

ඒ සම්බන්ධ නඩු කටයුත්ත ඊයේ අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී අනාවරණය වූයේ සිද්ධියෙන් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට නිසි කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවයි.

මෙම පොලිස් වෙඩි ප්‍රහාරයේදී 15 හැවිරිදි පාසල් සිසුවෙකුට ද වෙඩි වැදී තිබේ. ඔහුගේ අතකට සහ පිටට වෙඩි වැදී ඇති අතර එම වෙඩි පහරින් අතේ අස්ථියක් බිඳී ගොස් තිබේ.

මෙම සිසුවා පාසල් ගොස් ආපසු නිවසට පැමිණ නගරය දෙසට යද්දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු කිසිදු විරෝධතාවකට සහභාගී වූ අයෙකු ද නොවේ.

එම සිසුවා තරමක කන්දක් වැනි ස්ථානයක සිට ඇති අතර පොලිසිය පන්න පන්නා වෙඩි තැබුවේයැයි ඔහු පවසන බවයි සිසුවාගේ මව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2013 වසරේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව කළ උද්ඝෝෂණයකට යුධ හමුදාව විසින් වෙඩි තැබූ අතර එහිදී මේ ආකාරයෙන්ම වෙඩි වැදී පාසල් සිසුන් දෙදෙනෙකු ඝාතනය විය. මේ රඹුක්කන සිසුවාත් බේරී ඇත්තේ අනූනවයෙන් බව පෙනේ.

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් සහ වෙඩි තැබීම සිදුකළ සියලුම පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ අතර එම වෙඩි තැබීමට අණදුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව සැඟවී සිටින බවත් වාර්තා වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...