ආණ්ඩුවට එරෙහි වැඩවර්ජනයට GMOA එක් නොවෙයි. රෝහල් අසල පිකටිං පමණයි !

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව අද (28) දිනයේ ක්‍රියාත්මක දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයට තම සංගමයේ පූර්ණ සහාය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

ඒ අනුව තම සංගමයේ වෛද්‍යවරුන් අද දිනයේ රාජකාරියට වාර්තා කර සේවයේ යෙදෙන අතර රෝහල් අසල උද්ඝෝෂණවලට පමණක් සහාය දෙන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙන ඒම පිණිස ඉහළම දායකත්වයක් ලබාදුන් වෘත්තීය සමිති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියෙන් සිටියේය. එමෙන්ම රටට විනාශකාරී ඉරණමක් ගෙන දුන් රසායනික පොහොර තහනම පසුපස සිටි චරිත අතරින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා ද ප්‍රබලයෙකු විය.

වෘත්තීය සමිති 1000කගේ පමණ සහභාගීත්වයෙන් අද දිනයේ සිදුකෙරෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම වැඩවර්ජනයට තම පූර්ණ සහාය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිට නිල ෆේස්බුක් පිටුවෙහි පළකර ඇත්තේ මේ ආකාරයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...