තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක 26000ක් සේවකයින් වර්ජනයේ! (VIDEO)

අද දින ක්‍රියාත්මක සංකේත වැඩවර්ජනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක 26000කට වැඩි සේවකයින් වර්ජනයේ නිරත වන බව තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව,තැපැල් මූලස්ථානය, දිවයින පුරා තැපැල් කාර්යාල 653ක්,උප තැපැල් කාර්යාල 3410ක් සහ පාලන කාර්යාල 100 කට අධික ප්‍රමාණයක මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙයි.

මේ වන විට රටේ පුරවැසියන්ට ජීවත් වීමේ අයිතිය ක්‍රමයෙන් අහෝසි කරමින් පවතින අතර රජයට එරෙහි විරෝධය ද වර්ධනය වුවත් රජය ඒ සම්බන්ධයෙන් විසඳුම් දීම හැර උප්පරවැට්ටි භාවිතා කරමින් සිටින බවයි චින්තක බණ්ඩාර මහතා චෝදනා කරන්නේ.

කෙසේවෙතත් තවදුරටත් රටේ පාලනය ගෙනයාමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට නොහැකි හෙයින් කරුණාකර බැස යන ලෙසයි ඔහු අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...