සිව් වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය චීනයේ Shandong හි දී

Date:

කොළඹ LNW:සිව් වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය පසුගිය දා පැවැත්වුණා. ඒ චීන මාධ්‍ය සමූහය හා චීනයේ Shandong පළාතේ මහජන රජය එක්ව එම පළාතේ Qufu නගරයේ දී.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම සංසදයට එක්වෙමින් පැවසුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළමු වන ‍ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදයට සුබ පැතුම් පණිවිඩයක් යොමු කළ බවයි. ඔහුගේ මාර්ගෝපදේශයන්ට අනුව, චීන මාධ්‍ය සමූහය කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

ශිෂ්ටාචාර සංවාද මත පදනම් ව මාධ්‍ය ඔස්සේ සංවාද ගොඩනැංවීම ද චීන මාධ්‍ය සමූහයේ නොවෙනස් මෙහෙවරකි. විවිධ රටවල මිතුරන් හා එක්ව ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩ ව ශිෂ්ටාචාරාත්මක සවියක් එක් කිරීම චීන මාධ්‍ය සමූහයේ අපේක්ෂාව බව ද අධ්‍යක්ෂ ජනරල්වරයා එහිදී සඳහන් කළා.

මෙවර සංසදයේ ප්‍රධාන තේමාව ‘හුවමාරුව, අන්‍යෝන්‍ය ඉගෙනීම, තාක්‍ෂණය සවිබල ගැන්වීම සහ පරිවර්තනය හා සංවර්ධනය තුළ ශිෂ්ටාචාරයේ බලය’ යන්නයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...