විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වේ. ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබුණ අතර, ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 83,600ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බව සඳහන් වේ.

සැකකරු සම්බන්ධයෙන් ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වේ.

තවද, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මෙම මස 13 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන මෙහෙයුමට අදාළව මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 331 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයින පුරා සිදුකල වැටලීම් 331කදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීම්වලදී , හෙරොයින් ග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් 157කට අධික ප්‍රමාණයක් සහ ගංජා කිලෝ 8කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 410ක් ද ඊයේ සිදු කෙරුණු වැටලීම්වලදී පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී, ඩුබායිහි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිලදී ගත්, රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 234ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් 05 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එම සැකකරුවන් සියලු දෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බවට අනාවරණ වී ඇත.  ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර ව්‍යාපාරිකයන් 05 දෙනා සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...