පාකිස්ථානය හා ඉන්දියාව අතර කලාපිය ගැටුමක් වර්ධනය වන ලකුණු; වෙඩි හුවමාරුව අඛණ්ඩවම

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී පසුගිය 23 වන දින දේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු වූ මාරාන්තික වෙඩි තැබීමෙන් 26 දෙනෙකු මිය යාමෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය අඛණ්ඩව සිව්වන රාත්‍රියටත් වෙඩි හුවමාරු සිදු වූ බවට තොරතුරු වාර්තා වේ.

මෙම මතභේදාත්මක කලාපයේ අඛණ්ඩව දෙපාර්ශවයේම හමුදා මුරපොළවල් ඉදිවෙමින් ඇති අතර දේශසීමා හරහා සිදුවන අඛණ්ඩ ගැටුම් හේතුවෙන් ප්‍රතිවාදී න්‍යෂ්ටික බලවතුන් අතර පුළුල් මිලිටරි උත්සන්න වීමක් පිළිබඳ බියක් ඇති වී තිබේ.

නවතම වෙඩි හුවමාරුව පිළිබඳව පකිස්ථාන හමුදාව තවමත් අදහස් දක්වා නොමැත. ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සංයමයෙන් කටයුතු කරන ලෙස දෙපාර්ශවයෙන් ඉල්ලා ඇති අතර ප්‍රහාරයෙන් අනතුරුව ජාතීන් දෙක එකිනෙකාට එරෙහිව පියවර රැසක් දියත් කර තිබේ.

ඉන්දියාව විසින් කාශ්මීරයේ දේශසීමා ත්‍රස්තවාදයට අරමුදල් සපයන බවටත්, ඔවුන් දිරිමත් කරන බවටත් පකිස්ථානයට චෝදනා කර ඇති අතර ඉන්දියාව තීරණාත්මක ඉන්දු ජල ගිවිසුම අත්හිටුවා ඇති අතර පාකිස්තානය සමඟ එහි ගොඩබිම් දේශසීමාව මුද්‍රා තබා ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉස්ලාමාබාද් ද සිය ගුවන් අවකාශය ඉන්දියානු ගුවන් සමාගම් සඳහා වසා දමා ඇති අතර මධ්‍යස්ථ පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...