කාර්යක්ෂම සේවාවක් සඳහා පොළීසියට මාසයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුළදී ඉදිරිපත් කරන ලෙසත්, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේ එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් මෙම දැනුම්දීම සිදුකළ බව සඳහන් වේ.

ඒ සඳහා ‍මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට අවස්ථාවට කැඳවා තිබුණු අතර , පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර 2016 වසරේදී කෝපා කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශයක් ලබා දී තිබුණ ද තවමත් එය ක්‍රියාත්මක නොවීම පිළිබඳ මෙහිදී ප්‍රශ්න කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලීසිය සඳහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හදුන්වා දීමට පියවර ගන්නා බව මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත.

පොලිස්පතිවරයා එහිදි පෙන්වාදී ඇත්තේ පැමිණිල්ලක් ලබා දීමේ සිට අධිකරණ කටයුතුවල තත්ත්වය දක්වා විස්තර ලබා ගත හැකි නව නියමු ව්‍යාපෘතියක් මේ වන විට හැටන් සහ නුවරඑළිය පොලිස් ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...