සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ගැටුම් පවතින සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40 කට වැඩි පිරිසක් රැදී සිටින බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා තානාපති පී.එම් හම්සා මහතා සඳහන් ක‍ළේ, ඔවුන්ද ආරක්ෂිතව මුදා ගෙන දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සෞදි රජය සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

සුඩානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදාගෙන මේ වනවිට ජෙඩා නුවරට රැගෙන විත් ඇති අතර , ඔවුන් අද දිනයේ දිවයිනට එවීමට පියවර ගන්නා බවත් , ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීමේ වැඩපිළිවෙළට ඉන්දියාවේද සහය ඉල්ලා ඇති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය . විදෙස් වාර්තා සඳහන් කළේ
සුඩාන හමුදා හා අතුරු හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගිය පිරිස 500කට අධික බව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...