*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් වීමට තරුණයන්ටත් වරම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

රටේ තාරුණ්‍යය එකට එකතු කර ගෙන රාජ්‍ය පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට රටේ තාරුණ්‍යය පත් කරනා බවත් රාජ්‍ය බලය ලැබුණු පසු Project Youth වැඩසටහන් හරහා තරුණයන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (27) කෑගල්ලේ පැවැති සමගි ජන බලවේග තරුණ සමුළුව අමතමිනි.

මම පොරොන්දු කඩ කරලා නෑ

සමාජයේ බොහෝ දෙනෙක් පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නැහැ කියන බවත් ඉන් අදහස් වන්නේ බලය ලැබීමට පෙර ලබා දුන් පොරාන්දු කඩ කිරීම බවත් දශක ගණනාවක් පුරා පොරොන්දු කඩ කිරිම් සිදු වුවත් සමගි ජන බලවේගය සහ තමාට පොරොන්දු මාලාවක් ඉදිරිපත් කිරීමට මෙන්ම තරුණයන් සමඟ පැහැදිලි සමාජ ගිවිසුමකට ප්‍රවේශ වෙන්න අයිතියක් ඇති බවත් එයට හේතුව තමා ඇතුළු පිරිස පොරොන්දු දී රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය බලයක් නොමැතිව සක්වල සහ හුස්ම වැඩසටහන් හරහා අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කරන්න කටයුතු කිරීම නිසා බවත් තමා මේ රටට කළ දේවල් අවිශ්වාස කරනවා නම් දිනපතා සෞඛ්‍ය හා අධ්‍යාපනය ශක්තිමත් කරන්න බලයක් නොමැතිව කරන වැඩසටහන් පිළිබඳ සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණයේ දී තරුණයන් සමග සමාජ ගිවිසුමක් අත්සන් කළේ තමා බවත් මැතිවරණ පරාජයත් සමග තරුණයන් වෙනුවෙන් අපේක්ෂිත වැඩකොටසක් කරන්න නොහැකි වුවත් මෙවරත් එවැනිම සමාජ ගිවිසුමක් ඉදිරිපත් කරන බවත් එහි දී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර දියුණු කර යාවත්කාලීන කරනවා සේම ජාත්‍යන්තර තලයේ ඉහළ මට්ටමින් යුත් සුහුරු අධ්‍යාපනයක් ලබා දෙන බවත් ඊට අමතරව රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ මෙරට තාරුණ්‍යයට විකල්ප අධ්‍යාපන අවස්ථා ඇතිකරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මාස්වාදීන්ගේ දරුවන්ට කැප නූතන අධ්‍යාපනය රටේ දරුවන්ට අකැප ඇයි ?

කොමියුනිස්ට්වාදීන්, මාක්ස්වාදීන්, අන්ත වාමවාදීන් අධ්‍යාපනය නූතනවාදී කරන්න හදන සෑම මොහොතකම එයට බාධා කරන බවත් මේ කණ්ඩායම්වල දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාවලට බවත් දේශපාලන ප්‍රභූ පවුල්වල දුවා දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය කැප වුවත් රටේ උසස් අධ්‍යාපන වරම් නොලබන තරුණයන්ට එය තහනම් වී ඇති බවත් මේ ක්‍රමය වෙනස් වී මෙරට තාරුණ්‍යයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා දිය හැකි උපරිම අවස්ථා ලබා දෙන නිදහස් අධ්‍යාපන යුගයක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

කොළඹට කිරි ගමට කැකිරි වෙන්න බැහැ

ඉහළ පැළැන්තියට ප්‍රභූ පොහොසත් පැළැන්තියට සීමා වී තිබූ වරප්‍රසාද නගරයේ ගමේ සාමාන්‍ය මිනිසාගේ ගොවියාගේ ධීවරයාගේ කම්කරුවාගේ, ස්වයංරැකියාවල නිරතවන අයගේ දුවා දරුවන්ටත් එම වරප්‍රසාද හිමිවිය යුතු බවත් විශ්වවිද්‍යාවල පද්ධතියේ අඩුපාඩුකම් නිසා බොහෝ දූදරුවන් මහපාරට බැස උද්ඝෝෂණය කරන බවත් ඒ තුළ අධ්‍යාපනය යම් මට්ටමකට කඩාකප්පල් වන නිසා සවිබල ගැන්වූ නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දූෂණය පිටු දැකීමේ යාන්ත්‍රණය මූලික අයිතිවාසිකමක් ලෙස ශක්තිමත් කරනවා

මේ වන විට සිදුවන බුද්ධිගලනය නතර කිරීමට නම් දූෂණය වංචාව හොරකම පිටුදකින රාජ්‍ය පාලනයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා දූෂණය පිටුදකින ආයතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළ නොහැකි වගන්ති බවට පත් කළ යුතු බවත් ඊට අමතරව මෙරට සම්පත් මුදල් මහදවල් හොරකම් කළ පවුල් පාලනය අධිකරණය හමුවට ගෙනවිත් ඒ අයට නීතිය හරහා කටයුතු කළ යුතු සේම රටට අහිමි වූ සම්පත් නැවත රටට ලබා ගත යුතු බවත් එය සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.
අපිට හොරු සමග ඩීල් නැහැ

සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක හොරු සමග වාසය මෙන්ම හොරු සමග දේශපාලන ඩීල් ගසා නොමැති බවත් හොරු රකින්න කටයුතු නොකළ නිසා මෙරට ජනතාව ලබා දෙන ජනවරම තුළින හොරු අල්ලා හොරු හොරා කා සම්පත් නැවත ලබා ගන්නා බවත් පැවසීය.

ලැයිම් ජීවිතයෙන් මුදවා ඉඩමක අයිතිය ලබා දෙනවා

සමගි ජන බලවේගය විසින් නව ව්‍යවසායකයන් මිලියන් බිහි කිරීමේ වැඩසටහනේ දී ලැයිම් කාමරවල දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාව ඉන් මුදවා ගෙන කම්කරුවා වෙනුවට පුරවැසියා ලෙස ඉඩමක අයිතිය ඇති කුඩා තේ වතු හිමිකරුවන් ලෙස උඩරට ප්‍රජාවත්, වතු ප්‍රජාවත්, තාරුණ්‍යයත් පත් කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

මේ සියලු දේ ඡන්ද වැඩි කර ගැනීමට නොව විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීයව සිදු කරන ක්‍රියාවක් බවත් කුඩා තේ වතු හිමියන් වැඩි වන විට මෙරට තේ නිෂ්පාදනය ඉහළ යන බවට විද්‍යාත්මක දත්ත මගින් අනාවරණය වී ඇති නිසා මේ කුඩා තේ වතු වගා සංග්‍රාමය ආරම්භ කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan