*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

පැරා මලල ක්‍රීඩාවේ අනාගතය දකින ලාංකේය කැඩපත ජනනි සහ මොරොක්කෝවේ දී පෙන් වූ ලාංකේය පැරා දස්කම්

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 29, කොළඹ (LNW): මොරොක්කෝවේ පැවති පැරා මලල ක්‍රීඩා ග්‍රෝන්ප්‍රී තරගාවලිය නිමා වුණා.ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ එක් ලෝකඩ පදක්කමක් මේ තරගාවලියෙන් එකතු වුණා.මේ පදක්කම් සියල්ලම වටිනාකමින් ඉහළයි.ඒ හැම පදක්කමක් පිටුපස්සෙම මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගෙ පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරලා තිබුණ නිසයි.
මීට පෙරත් පැරා ක්‍රීඩා තරග ආවරණය කරන විට අප කියූ දෙයක් වන්නේ මේ හරහා ලැබෙන ජයග්‍රහණවල පසුපස සතුට වගේම අපේ රටේ අවාසනාවන්ත දේශපාලනය සම්බන්ධ ඛේදවාචකයන් ද ඇලී තිබෙන බවයි.බොහෝ ලෝක වාර්තා සහ ලෝක ජයග්‍රහණ පිටුපස ඇත්තේ මේ රටේ පැවති යුද්ධය විසින් ආබාධ තත්ත්වයට පත් කළ තාරුණ්‍යයේ වේදනාවයි.එසේම ඒ ආකාරයට ආබාධිත වෙන තෙක් ඔවුන්ට අනාබාධිත සමයේ තමන් උගත් පාසල්වලින් ක්‍රීඩකයින් ලෙස ඉදිරියට එන්න අවස්ථාව නොලැබී ඇති භෞතික පහසුකම් නොතිබීම පිළිබඳවත් ඉඟි ලැබෙනවා.එයින් කියවෙන්නේ සම්පත් ඌනතාවය සහ සම්පත් බෙදී යාමේ විෂමතාවයයි.


යුද්ධයෙන් ආබාධිත වූ ප්‍රජාවගේ ශක්තිය ජවය මත රැදී පැවතුණු,ලෝකයේ අවධානයට ලක් වූ පැරා ක්‍රීඩාවේ රශ්මිය ලිහී යමින් පවතින්නේ ඒ ආබාධවලට ලක් වූ පිරිසගේ වියපත්වීම නවතන්නට නොහැකි නිසයි.සැබවින්ම ඒ හිදැස පියවීම සඳහා ලාංකේය ප්‍රජාව අතර ආබාධයන්ට ලක් වී තිබෙන සමස්තයේ ක්‍රිඩා හැකියාවන් නැංවීම ගැන රටක් හැටියට කල්පනා කිරීම පුළුල් කළ යුතුය යන ජාතික හැඟීම වැඩෙන්නට පටන්ගන්නේ එතැන සිටයි.මේ ග්‍රෝන්ප්‍රී තරගාවලියේ පදක්කම් අතර එවැනි තිදෙනෙක් සිටීම සමාජීය වශයෙන් ඉදිරියට පියවර තබන්නට සහ පැරා ක්‍රීඩාවට යොමු වෙන වෙනත් අවශ්‍යයතාවයන් සහිත පිරිසට හොඳ උත්තේජනයක් සහ පණිවිඩයක් සැපයීමක් ලෙස හැඳින්විය හැකියි.
මේ අතර දීර්ඝ වශයෙන් අවධානය යොමු කළ යුතු ක්‍රීඩිකාවක් ලෙස මේ තරගාවලියේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගන්නා ජනනි ධනංජනා හැඳින්විය හැකියි.ඇයට තවම අවුරුදු 18 යි.කුලියාපිටිය සූරදූත බාලිකා පාසලේ අධ්‍යාපනය ලබන ජනනි තව කාලයක් මේ ක්‍රීඩා පිටියේ දකින්න පුළුවන් පැරා මලල ක්‍රීඩාවේ මේ මොහොත වන විට ඉන්න අනාගතයට වඩාත්ම පලදායි ක්‍රිඩිකාවයි.


ඇය රන් පදක්කම දිනුවේ ටී47 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව සඳහායි.තත්පර 13.75 ක දක්ෂතාවයක් දැක් වූ ජනනි ඒ ඉසව්වේදි මෙන්ම රිදි පදක්කම දිනූ දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 5.23 ක දක්ෂතාවයක් දැක් වූවේත් එම ඉසව්වේ ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වමින්.


මේ වන විට ශ්‍රී ලංකාවට පැරා මලල ක්‍රීඩාවේ සෑම ආකාරයම තරග උළෙලවල ජයග්‍රහණ ලබා දී සිටින සමිත දුලාන් එෆ් 44 හෙල්ල ඉසව්වේ දී යළිත් සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය ඉදිරියට ගෙන යන්නට සමත් වුණා.ඒ මීටර් 65.57 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කර රන් පදක්කම දිනා ගනිමින්.එසේම ටී 42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වේ දී ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් දෙකම ලබා ගන්නට හැකි වීමත් වැදගත්.එහිදී අනිල් ප්‍රසන්න තමන්ගේ හොඳම දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින් තත්පර 12.84 ක දක්ෂතාවයක් දක්වා රන් පදක්කමට හිමිකම් කිව්වා.එසේම තත්පර 13.34 ක හොඳම පෞද්ගලික දක්ෂතාවය දැක් වූ බුද්ධික ඉන්ද්‍රපාල රිදී පදක්කම දිනා ගත්තා.


එසේම යුද්ධය හේතුවක් නොවී ආබාධිත තත්ත්වයකට මුහුණ දී සිටින ප්‍රදීප් සෝමසිරි ටී 46 මීටර් 1500 ඉසව්ව විනාඩි 04:04.23 ක සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය දක්වමින් රිදි පදක්කම දිනා ගත්තා.කුමුදු ප්‍රියංකා ද දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමේදී මීටර් 4.50 ක සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වන්නට සමත් වුණා.ඇය ද හමුදාව හා සම්බන්ධ චරිතයක් නොවන නිසා ඒ හරහා මේ වන විට සමාජය යම් ආබාධිත තත්ත්වයක සිටින අයෙකුට ඔහුගේ ක්‍රීඩා හැකියාවන් හරහා ඉදිරියට ඒමට හැකි බවට ගොඬ නඟන විශ්වාසය ගැන සාක්ෂි සපයනවා.මේ පණිවිඩය ක්‍රීඩා අමාත්‍යංශය රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ක්‍රීඩා නිලධාරීන් සහ සමාජ සේවා නිලධාරීන් එකතු කර කරගෙන යම් සැළසුමකට කරගෙන ගියහොත් එය රටේ පැරා ක්‍රීඩාවට මෙන්ම එවැනි වෙනස්කම් මත අවශ්‍යයතාවයන් වෙනස් වී සිටින ප්‍රජාවටත් යම් අභිමානයක් එකතු කරනු ඇති බව සිතිය හැකියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan