ගෑස් සැපයුම අඩකටත් වැඩියෙන් අඩු කරයි. දරවලට යන්නැයි ජනතාවට කියයි …

Date:

දිනපතා වෙළඳපොලට නිකුත් කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණයක අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව දෛනිකව නිකුත් කළ සිලින්ඩර 80,000ක ප්‍රමාණය 30,000ක් දක්වා අඩුකිරීමට සිදුවන බවයි එම සමාගමේ නව සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

මෙරට මාසික ගෑස් ඉල්ලුම සැපිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක් පමණ අවශ්‍ය වන අතර මේ වනවිට රටේ පවතින විදේශ විනිමය අර්බුදය අනුව එම වියදම දැරීමට කොහෙත්ම නොහැකි තත්වයක් උද්ගතව ඇති නිසා මෙසේ සැපයුම අඩුකිරීමට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව දර සපයා ගත නොහැකි නගරවල සිටින 28%ක් ගෑස් පාරිභෝගිකයින්ට පමණක් ගෑස් ලබාදීමට සිදුවන අතර අනෙක් අයට දර භාවිතා කිරීමට සිදුවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...