*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මීළඟ මාස කිහිපයේ තත්වය අන්තිම දරුණුයි – රනිල් සංඛ්‍යා දත්ත සමගම කියයි (VIDEO)

පවතින ආර්ථික අර්බුදය අනුව මීළඟ මාස කිහිපයේදී රටේ තත්වය මීටත් වඩා දරුණු වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම සහ දරාගන්න බැරි ණය තමයි ප්‍රධාන කාරණය. මේ දරාගන්න බැරි ණයට ඇතුළත් වෙන කරුණු කීපයක් තියෙනවා, ඉන් ප්‍රධානම එක තමයි මේ රටේ සංස්ථා ණය බර. අපි අරගත්තොත් ලංකා විදුලිබල මණ්ඩලය, ඇමතිතුමා පාර්ලිමේන්තුවට කරපු ප්‍රකාශයක් අනුව 2021දී බිලියන 79ක පාඩුවක් ලබලා කියලා කියනවා. සමහර අය කියනවා පාඩුව මීට වඩා වැඩියි කියලා. මේ අවුරුද්දට බිලියන 100ක පාඩුවක් ලැබෙන බවත් ප්‍රකාශ කළා. ඒ වගේම එක විදුලි ඒකකයක් සඳහා අයකරන්නෙ රු. 17යි, ඒත් වියදම රු. 53ක් කියලා. අපි තෙල් සංස්ථාව දිහා බලනවා නම් 2021දී අලාභය රුපියල් බිලියන 83යි. දැන් තියන කාරණා අනුව ඇමතිතුමා කියන්නේ එක දවසකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩිකිරීමෙන් පස්සෙත් තවමත් දවසකට මිලියන 327ක පාඩුවක්, ඒ කියන්නෙ අවුරුද්ද අවසන් වෙනකොට තව ඩොලර් මිලියන 80ක පමණ පාඩුවක් ඇතිවෙන්න යනවා. ඉතින් මේ ණය දීලා තියෙන්නෙ ලංකා බැංකුවත් මහජන බැංකුවත්. මීට අමතරව මේ බැංකු දෙකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය දරාගන්න සිදුවෙනවා. මේ සමහර විදේශ ණය සහතික කරලාත් තියෙනවා. මීට අමතරව අනිත් සංස්ථා ණය තියෙනවා. මේ ණය සියල්ලම ගත්තොත් තවත් ණය දෙනවා නම් ණය බර වැඩිවුණොත් බැංකුවේ පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. මීට අමතරව අර වාණිජ බැංකුවලට අයිති ජාත්‍යන්තර බැඳුම්කර (ISB) නැවැත්වීම නිසාත් මේ බැංකු දෙකටත් ඒ ප්‍රශ්නයට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා. ඊට අමතරව විශෙෂයෙන්ම මේ බැංකු දෙකත්, තවත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් රුපියල් ට්‍රිලියනයක ණය ලංකා ආණ්ඩුවට දීලා තියෙනවා. දැන් මෙතනදී තවත් විදුලිබල මණ්ඩලයේ අලාභ අඩු කරන්න නම් මිල වැඩිකරන්න වෙනවා. තෙල් සංස්ථාවේ පාඩුව අඩුකරන්න නම් මිල වැඩි කරන්න වෙනවා. මේ රුපියල බාල්දු වෙන නිසා ඒ මිල තවත් වැඩිවෙනවා. මේ සියල්ලම ඇත්ත වශයෙන්ම දරාගන්න තියෙන්නෙ මේ රටේ ජනතාවට. ඒ නිසා විශේෂයෙන්ම අපි ණය ගෙවීමේ හැකියාව තියෙන රාමුවක් ඇති කළාම ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට අවධානය යොමුකරන්න තියෙනවා. කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නෙ, එකම ගැටයක් තියෙන්නෙ. මේ ගැටේ ලිහනවාද ? කල්යනවා, ඒකත් අමාරුවෙනවා. නැත්නම් මේ ගැටේ කපනවාද ? ඒකත් අමාරු වෙනවා. ඉතින් ඒකෙ අන්තිම ප්‍රතිඵලය තියෙන්නෙ මීළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්වයක් ඇතිවෙන්න යනවා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan