අනේ ස’ එහෙම නම් කරන්න එපා, උදේ ඉඳලා වයිෆුත් කන්නෑ … ?

Date:

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අපූරු කටකතාවක් අද උදෑසන සිට දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.

ඒ, මෙසේය –


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සියලුම පක්ෂවලට ආරාධනා කර තිබිණි. එම ආරාධනාව සම්බන්ධයෙන් කොන්දේසි පනවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ උදෑසන මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම සාකච්ඡාව සඳහා පැමිණීමට නම් ඊට පෙර තම පක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වී ඇමතිකම් ලබාගෙන සිටින ශාන්ත බණ්ඩාර මහතා සහ සුරේන් රාඝවන් මහතා ඇමති තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළයුතු බවකි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි. කෙසේවෙතත් මේ කතාව දේශපාලන ක්ෂේත්‍රය තුළ උණුසුම්ව පැතිර යන අතරේ සවස් භාගයෙහි ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

“අනේ ස’ එහෙම නම් කරන්න එපා. ඇමතිකම නැතිවෙයි කියලා බයේ වෆියුත් උදේ ඉඳන් කාලා නෑ. එයා නොකා ඉන්නකොට මට කන්නත් නෑ. ඒ නිසා මගේ ඇමතිකම නැති කරන්න නම් එපා ස’. එයාලාට ඕනෙම නම් වෙනම ඇවිත් සාකච්ඡාවක් කරගන්න කියන්න, මගේ ඇමතිකම නම් අයින් කරන්න එපා ස’ …..”

යනාදී යාදින්නක් ශාන්ත බණ්ඩාර මහතාගේ කටහඬින් දුරකථනය ඔස්සේ කියැවී ඇති බව සඳහන්.


මෙය හුදෙක් කට කතාවක් පමණක් වන අතර මෙහි සත්‍ය අසත්‍යතාවය අප දන්නේ නැත. මෙවැන්නක් සිදු නොවුණු බවට මාධ්‍ය හමුවක් පවත්වා ශාන්ත බණ්ඩාර මහතා කරුණු පැහැදිලි කිරීමක් කරන්නේ නම් එයත් පළකර දීමට අප සූදානම් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...