*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ස්ථාවර රටක් අවශ්‍යයි !

ආණ්ඩුව මූල්‍ය පහසුකම් සපයා ගැනීමේ බරපතළ මෙහෙයුමක යෙදී සිටී. කුමන දේශපාලන අවුල් පැවතිය ද මූල්‍ය ස්ථාවරත්වය සඳහා ආණ්ඩුව ගෙන යන මෙහෙයුම නවතා දමා නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෙවත් අයි.එම්.එෆ්. ආයතනය සමඟ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙයි. එම සාකච්ඡා සුභවාදී තැනක පවතින අතර, ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ. ලෝක බැංකුව ඩොලර් කෝටි හැටක හදිසි මූල්‍ය පහසුකමක් දීමට කැමැත්ත පළ කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැකි මාර්ග ගණනාවක් පෑදී ඇත.ශ්‍රී ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවට මත පළ කරන අය සිටිති. ආණ්ඩු වෙනසක් ඇති කළ යුතු බව කියන අය ද සිටිති. ඒ අතර ජගත් ආයතන වෙත හා මිත්‍ර රාජ්‍යයන් වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ලැබීමට නියමිත මූල්‍ය පහසුකම් කපා හැරීමට යටි උගුල් අදින අය ද සිටිති.

ඒ සියල්ල රටට කරන ද්‍රෝහිකම් ලෙස සැලකිය යුතුය. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනාගේ එකඟත්වය හා සහයෝගය ගොඩනැඟිය යුතු වුව අපේ රටේ එවැන්නක් දකින්නට නැත. පක්ෂ නායකයෝ විවිධ ඉලක්කවලට වැඩ කරමින් අර්බුදය තවදුරටත් සංකීර්ණ කරති. එය ඉතා නරක ක්‍රියාවලියකි. පෞද්ගලික න්‍යාය පත්‍ර අත්හැර පොදු න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට අපේ නායකයන් පෙලඹිය යුතුව තිබේ.මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා වොෂින්ටනයේ සිට ඉතා වැදගත් පණිවිඩයක් රටට දී ඇත.

ඔහු එයින් පෙන්වා දෙන්නේ මේ දේශපාලනය කිරීමට අවස්ථාවක් නොවන බවය. නැවක් ගිලෙන විට කපිතාන්ට එරෙහි වීම කිසිදු ප්‍රතිඵලයක් නැති අසුභවාදී කටයුත්තක් බව අලි සබ්රි මහතා පෙන්වා දෙයි. එය සත්‍යයකි. ජගත් ආයතනවල අවධානය මේ වන විට අප වෙත යොමු වී ඇති අතර, ප්‍රධාන කරුණු දෙකක් එම ආයතන අප වෙතින් අපේක්ෂා කරයි. පළමුවන්න දේශපාලන ස්ථාවරත්වයක් සහිත ශක්තිමත් රජයකි. දෙවන්න ණය ආපසු ගෙවා ගත හැකි ආර්ථිකයකි.ශ්‍රී ලංකාවට බංකොළොත් යන නාමය දීමට බොහෝ දෙනකු වෑයම් කළ ද ජගත් ආයතන මෙතෙක් එය පිළිගෙන නැත. ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කළ හැකි බව ද ආර්ථික උපදේශන ඔස්සේ රටේ ආර්ථිකය යළි යථා තත්ත්වයට ගත හැකි බව ද අයි. එම්. එෆ්. ඉහළ නිලධාරීහු විශ්වාස කරති. මෙතෙක් කිසිදු ජගත් ආයතනයක් ශ්‍රී ලංකාවේ ඉල්ලීම් ඉවත දමා නැත. අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට මිත්‍ර රාජ්‍යයන් සියල්ලෙහි සහයෝගය අපට ලැබෙනු ඇත. අවශ්‍ය වන්නේ නිසි වැඩපිළිවෙළක් ඔස්සේ එම සහයෝගයෙහි ප්‍රතිඵල නෙළා ගැනීමය.

අර්බුදයෙන් ගොඩ ඒමට හැකිය යන විශ්වාසය කා තුළත් ඇති කළ යුතුය. එසේ නොවුණ හොත් සමාජ අර්බුදය තවත් වර්ධනය වනු ඇත.

#ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan