මහින්ද ඉවත් කළොත් 60ක් සමග නාමල් විපක්ෂයට. විපක්ෂ නායක ධුරයත් ගැනීමට සැලසුම්

Date:

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් “ස්වාධීන කණ්ඩායම” නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අවම වශයෙන් 12ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එම ආණ්ඩුවට එක්වෙනු ඇති අතර එවිට සජිත් ප්‍රේමදාස මහතා සතු මන්ත්‍රී සංඛ්‍යාව 34ක් හෝ බොහෝවිට ඊටත් වඩා අඩුවනු ඇත.

එම තත්වය තුළ විපක්ෂ නායක තනතුර ද නාමල් රාජපක්ෂ මහතාට පහසුවෙන් ලබාගත හැකිවනු ඇතැයි ගණන් බලා ඇති අතර විශ්වාසභංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ මහතාව ඉවත් කිරීමට මෛත්‍රී – විමල් සන්ධානය සහ සමගි ජන බලවේගය කටයුතු කළහොත් කිසිවෙකුටත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වන ආකාරයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 100ක් පමණ විපක්ෂයට යෑමට යෝජනාවක් ද ඉදිරිපත්ව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

කොළඹ පිහිටි "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" හෝටල්...

විගමනික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්!

කොළඹ LNW:විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින සමීප...

ධර්මෙගේ ඇඟිළි ගැහිල්ල අධාර්මික වැඩක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: මේ මොහොතේ ක්‍රියාත්මක එංගලන්තය සහ...

අවුරුදු 19 න් පහළ ජාතික තරගාවලියේ පලදාව ඔස්ට්‍රේලියාවට එරෙහිව…?

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත...