විනෝදෙටද බොරු කියන්නේ ? – කොට්ටහච්චි නිසා අමාරුවේ වැටුණු ඇමති නලින්ද (VIDEO)

Date:

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට සුබපතමින් හිටපු ජනාධිපතිවරුන් SMS පණිවිඩ ජනතාවට එවුවත් මෙවර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එම SMS පණිවිඩය නොඑවීම තුළින් රුපියල් ලක්ෂ 980ක මුදලක් රටට ඉතිරි කළ බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය මැතිවරණ ප්‍රචාරක රැළියකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (28) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කෙරිණි.

එහිදී අමාත්‍යවරයාට සෘජු පිළිතුරක් ලබාදීමට නොහැකි වුණු අතර ඒ මුදල පිළිබඳව තමන් නොදන්නා බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම රජයේ මැති ඇමතිවරුන් බොහෝ සෙයින් බොරු කියන බවට සමාජයෙන් එල්ල වන චෝදනාව පිළිබඳව ද අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණු අතර ඔහුට ඊට ද සාර්ථක පිළිතුරක් නොවීය.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාම ඔවුන් පවසන කරුණු පිළිබඳව වගකීමෙන් කටයුතු කරනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අපේක්ෂා කරන නමුත් ඇතැම් මන්ත්‍රීවරුන් අතින් අඩුපාඩු සිදුවන බව පැවසූ අමාත්‍යවරයා එවන් සිදුවීම් වලදී තම මන්ත්‍රී කණ්ඩායම ඒවා පිළිබඳ සාකච්ඡා කරමින් නිවැරදි කිරීමට උත්සාහ කරන බවත් සඳහන් කළේය.

එසේම මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පමණ කරන ලද ප්‍රකාශවල අඩුපාඩු මත සමස්ත ආණ්ඩුවම බොරු කියන්නේ යැයි චෝදනා කිරීමට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විපක්ෂයේ සිටින අය මීට වඩා විශාල බොරු කියා ඇති බවත් ඒවා ගැනත් විමසිය යුතු බවත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...