රෂිකා හෙන්නායක
අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.
සැකකරුව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර , ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව බවයි සඳහන් වුණේ.
