සිංහල සිනමාවේ පීතෘවර ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂක, තිර රචක සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ හත් වන ගුණානුස්මරණය අද(29)දිනට දී තිබේ.
ශ්‍රී ලංකාවේ මහා සිනමාකරු වශයෙන් විරුදාවලිලත් ලෙස්ටර් ජේමිස් පිරිස් ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා 1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දී උපත ලද අතර ඔහුගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් වූ අතර මව ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය වුවාය. ඔහුට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඉංග්‍රිසි රෝමානු කතෝලික පවුලක හැදී වැඩුණු ලෙස්ටර්ගේ ලේඛණ හ භාෂණ මාධ්‍ය වුයේ ඉංග්‍රිසි භාෂාවයි.
ඔහු සිය මූලික අධ්‍යාපනය කොළඔ ශාන්ත පීතර විද්‍යාලයෙන් නිම කළ ලෙස්ටර් 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්රෑන්ක් වොරේස් යටතේ සිය වෘත්තීය ජිවිතර ආරම්භ කළ අතර ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි ද කෙටි කාලයක් සිය රාජකාරී කරණු ලැබීය.
1947 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ලෙස්ටර් 1947 දී එංගලන්තයේ සිට Times of Ceylon පුවත්පතේ වාර්තා කරුවෙකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් චිත්රපටකරනයටද පිවිසෙන ලදී.

මෙම අවධිය දෙවන ලෝක මහා සංග්රාමයෙන් පසු ලොව පුරා දේශපාලන හා සාමාජිය වශයෙන් බරපතල වෙනස් වීම් සිදු වූ කාලයක් වූ අතර මෙම සමාජ පරිවතනය හේතුවෙන් ලොව පුරා සිනමාව හා කලාව පිළිබඳ අලුත් කතිකාවක් හා මතවාද ඇති කරනු ලැබිය. ඉතාලිය හරහා ගොඩ නැගුණු එම සිනමා සම්ප්රදාය ලොව පුරා සිනමාව කියැවිමෙහිලා මහත් බලපෑමක් ඇති කළ අතර ඒ වන විට එංගලන්තයේ ජීවත් වු ලෙස්ටර් නම් තරුණයා මෙම නව සිනමාව මහත් ආශ්වාදයක් විය.
මේ වන විට පොතපත හැදෑරීමෙන්, ආසියාවේ පැරණිතම සිනමා සංගමය වන කොළඹ සිනමා සමාජයේ සාමාජිකයකු වන ලෙස්ටර් ලෙස්ටර් ලෝකයේ මහා සිනමාව පිළිබද ප්‍රමාණාත්මක දැනුමක් ඇත්තෙකු වූ ලෙස්ටර් 1950 දී කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළ අතර එය Farewell to Childhood නම් විය.
බ්‍රිතාන්‍යට ගොස් සිනමාවේ සියලු හැඩතල උගත් ලෙස්ටර් දේශීය චිත්‍රපට කර්මාන්තයට පිවිසුණු අතර ඒ අනුව යමින් 1956 වසරේ නිර්මාණය කරන ලද ‘රේඛාව’ හෙළ සිනමාවේ අග්‍රගන්‍ය නිර්මාණයයි.
චිත්රාගාරයෙන් බැහැරව එළිමහනක් තුළ නිර්මාණය වන රේඛාව චිත්‍රපටයත් සමඟ ඇරඹෙන්නේ ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගය වන අතර සිනමාව මායාවක් කළ චිත්රාගාර අමුද්‍රව්‍ය මෙන්ම කෘතීම රූ රටා වෙනුවට හුදී ජන ව්‍යවහාරය සිනමාවට ආරෝපණය කිරීමට මෙහිදී ලෙස්ටර් සමත් විය.
මේ අවධිය වන විට ලෝකයේ සිනමාව පිළිබද ආකල්ප වෙනස් කළ අලුත් පරම්පරාවක් ඒ ඒ රට වල බිහිවිනි. සත්‍යජිත් රායි,අකිර කුරොසව,ලින්ඩ්සේ ඇන්ඩර්සන් ඇලන් රෙනේ වැනි සිනමාකරුවන් අතර ලෙස්ටර් ද නොමැකෙන මුද්‍රාවන් සිංහල සිනමාව තුළ තැබීමට සමත් විය. රේඛාව සිංහල සිනමා ව තුළ හඳුනාගන්නේ පළවෙනි කැරැල්ල ලෙසටය. ඒ හරහා ලෙස්ටර් සිංහල ගීත කලාවක ආරම්භය සනිටුහන් කරණු ලැබීය.
රේඛාවෙන් උපන් උද්යෝගයෙන් අනතුරුව ලෙස්ටර් විසින් ගම්පෙරළිය (1963) කලියුගය (1982) යුගාන්තය (1983) මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ග්‍රාමීය පරිසරය, නාගරීකරණය වෙන ආකාරයත්, ඒ හේතුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන ආකාරයත් පරම්පරා තුනක් ඔස්සේ එඋපරාමු තුලට ගෙන ඒමට සමත් විය.
එවකට මුළු යුරෝපයේම හා ආසියාවේ යථාර්ථ රීතිය සිංහළ සිනමාවට එකතු කර ගනු ලැබිය. ඉන් අනතුරුව හැට දශකය පුරාම නිර්මාණ කරුවන් මෙම රීතිය අනුගමනය කල අතර සිරි ගුණසිංහයන්ගේ සත්සමුදුර ,සාමා, පරසතු මල් වගේ චිත්‍රපටි වල ද මෙම රීතිය ගැබ්ව පවතියි.
එවකට පැවැති පළමු සරසවි සම්මාන උලළේදී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සරසවි සම්මානය දිනා ගැනීමට ගම්පෙරළිය සිනමා නිර්මාණය වෙනුවෙන් ලෙස්ටර් සමත් වුවා පමණක් නොව තුන්වැනි මොස්කව් සිනමා උළෙලට නිර්දේශ වීමට අවස්ථාවක්ද මේ හරහා ලැබිණී.
ලෙස්ටර් විසින් නිර්මාණය කළ නිධානය(1972) චිත්‍රපටය සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිතාංග චිත්‍රපටය ලෙස සැලකේ.
නිධානය චිත්‍රපටය යථාර්ථ රීතියේ අග්‍ර ඵලය වන අතර වාමාංශික දේශපාලනික දැක්මකින් යුතුව සමාජ ගැටළු විවරණය කිරීමේ රීතියක්. මෙන්න මේ සමාජ යථාර්ථ රීතියේ මූල බීජ සහ ඡායා මාත්‍ර නිධානය තුළත් තිබෙනවා. මොකද විලී අබේනායක මුහුණ දෙන ගැටළුව පිටිපස්සෙ කිසියම් සමාජ දේශපාලන හැඩ ගැසීමක් තිබෙනවා. එතකොට නිධානය තමයි අපේ සිනමාවේ නිධානය.
නිධානය ශ්‍රී ලාංකේය චිත්‍රපට වංශකතාවේ හොඳම චිත්‍රපටය පමණක් නොව පසුගිය අවුරුදු සීයක ලෝක සිනමාවේ හොඳම චිත්‍රපට අතරටත් එකතු වන නිර්මාණයකි.
නිධානය සිනමා නිර්මාණය ජේ.බී. සේනානායකගේ කෙටි කතාවක් අළලා කරන ලද්දක් වන අතර මේ තුළ තිර රචනය, කැමරාකරණය, සංස්කරණය, සංගීතය, කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය ආදී සෑම අංගයක් ම විශිෂ්ට තත්ත්වයෙන් දක්නට විය.
මෙම කතාවට පාදක වන්නේ නිධානයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් සිය බිරිඳ වන අයිරින් බිල්ලට දෙන විනී අබේනායකගේ පසුතැවිල්ලයි.
සැබැවින්ම නිධානය එතෙක් පැවති සිනමා නිර්මාණ සියල්ල අතික්‍රමණය කරමින් ජනාදරයට පාත්‍ර වීමට සමත් වූ අතර සිංහල සිනමා වංශයේ සදාතනික සිහිවටනයක් ලෙස නිධානය සිනමා නිර්මාණය හැදින්විය හැකිය.
මෙම චිත්‍රපටය ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී ලැබුණු රජත සිංහ සම්මානය (SILVER LION OF ST. MARK), කොරියාවේ 4 වැනි පූසාන් අන්තර් ජාතික චිත්‍රපට උලෙළේ ආසියාවේ නිර්මාණය වූ නිර්මාණ අතරින් එකක් ලෙස නිර්දේශ වන්නට විය. එනම් ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ පාතර් පංචාලී, ජපානයේ අකිර කුරසෝවාගේ රෂෝමන් අතරට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව ද හොඳම චිත්‍රපට 13 න් එකක් බවට පත් වීම එම සම්මාන අතරින් කීපයකි.
ලෙනාඩ් වුල්ෆ් රචනා කරන ලද ඒ.පී.ගුණරත්නයන් පරිවර්තනය කරපු “බැද්දේගම” ආචාර්ය ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද තවත් කෘතහස්ත නිර්මාණයක් වේ.
සංදේශය, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, වෑකන්ද වලව්ව, අක්කර පහ, දාස නිසා, ද ගොඩ කිං, මඩොල්දුව, අහසින් පොළොවට, පින් හාමි, වීර පුරනප්පු, බද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වාකන්ද වලව්ව,අම්මාවරුණේ ආදී චිත්‍රපට 20ක් පමණ ලෙස්ට විසින් හෙළ සිනමාවට දායාද කර ඇති අතර ඒවා ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වූ ඒවා විය.
කියැවීමෙන්, සංචාරයෙන් හා සමාජ අත්දැකීමෙන් බහුශ්‍රැත වූවත්, ලෙස්ටර් අවස්ථා ගණනාවකදී ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සම්මානයට පාත්‍ර විය.
1956 – රේඛාව – කාන්ස් සිනමා උළෙල
1981 – බැද්දේගම – ප්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
1981 – බැද්දේගම – ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
1982 – කලියුගය -ප්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
යුගාන්තය – ජනාධිපති සම්මානය – හොදම අධ්‍යක්ෂණය
1985 – යුගාන්තය – මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
පිං හාමි – මොස්කව් ළමා චිත්‍රපට උළෙල නියෝජනය හා ප්‍රථම ත්‍යාගය ලබා ගැනීම.
1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව සදහා දැක් වූ දායකත්වය වෙනුවෙන් 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබද වූ සම්මානය
මිට අමතරව 1985දී කොළඹ සරසවියෙනුත්, 2003දී පේරාදෙණිය සරසවියෙනුත් ඔහුට ගෞරව ආචාර්ය උපාධි ලැබීමට භාග්‍ය සම්පන්න විය.
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මහතාගේ අභාෂය ලැබ ඔහු ගිය මඟ ගමන්ගත් පසුකාලීනව බිහි වූ නවක නිර්මාණකරුවන් රැසකගේ සිනමාව සාදරයන් වැළද ගැනීමට සමත් වෙයි. ඒ අතර ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, තිස්ස අබේසේකර ආදීන් විශේෂයෙන්ම හඳුන්වාදිය හැකි අතර ඔවුන් සිනමාවේ විවිධ අත්හදා බැලීම් කිරීමට සමත් වූ අතර ඒ හරහා ප්රත්යක්ෂ වශයෙන්ම නව සිනමා නිර්මාණයන් බිහි විය.
2007 වසරේදී අම්මාවරුනේ චිත්‍රපටය නිම කිරීමත් සමඟ සිය සිනමා නිර්මාණ ජිවිතයෙන් සමුගත් ලෙස්ටර් 2018 වසරේ අප්‍රේල් මස 29 වන දින වසර 99ක් ආයු වළඳා සිය දිවිසරිය නිමා කරනු ලැබිය. ඔහු සිංහල සිනමාවට කළ අමිල මෙහෙය මෙතකැයි කිව නොහැකි තරම් වන අතර ලෙස්ටර් සිංහල සිනමාවට අත්පොත් තබනු ලැබිය. ඔහුගෙන් තොර සිනමාවක් සම්බන්ධයෙන් සාකච්ජා කළ නොහැකි තරමටම ලෙස්ටර් ශ්‍රී නාමය ශ්‍රී ලාංකීය සිනමාව අත්‍යන්තයෙන්ම බැඳී පවතියි.