ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති රවීන්ද්ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
2008, 2009 කාලයේ තරුණයින් 11 දෙනෙකු කොළඹ සහ තදාසන්න ප්රදේශවලදී දී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, රඳවා තබා කප්පම් ගැනීම යන චෝදනා යටතේ පවරා තිබු නඩුවෙන් නීතිපති උපදෙස් මත හිටපු නාවික හමුදාපතිවරයා මුදා හැරීමට කටයුතු කර තිබුණි.
කෙසේවෙතත් අගතියට පත් පාර්ශවය ඊට එරෙහිව ගොනු කළ පෙත්සමකට අනුව ඔහු සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියෝග ලැබී තිබේ.
පැහැදිලි සාක්ෂි ඉදිරිපත්ව තිබියදී වින්දිත පාර්ශවයේ ඉල්ලීම බැහැර කළ නොහැකි බවයි මහේස්ත්රාත්වරයා සඳහන් කර ඇත්තේ.
”නීතිපතිවරයාගේ උපදෙස් පිළිපැදීමට මහේස්ත්රාත්වරයා බැඳී නැහැ.යුක්තිය ඉටු කිරීමේ දී නීතිපතිවරයාට විශාල වගකීමක් තිබෙනවා. සාක්ෂි තිබියදී නීතිපති උපදෙස් මත පූර්වගාමී විනිසුරුවරයා සැකකරු නිදහස් කිරීම දෝෂ සහගතයි” යනුවෙන් කොටුව මහේස්ත්රාත් අධිකරණය ප්රකආෂ කර ඇත.
ඒ අනුව නව චෝදනා පත්රය සකස් කර ලබන ජුනි 10 වනදා අධිකරණයට පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී ඇත.
මෙම පහර ගැනීමේ සිද්ධියට අදාළව වින්දිත පවුල් විසින් වසර ගණනාවක් පුරා අඛණ්ඩව මෙම නඩුකරය පවත්වාගෙන ගිය අතර සිය අතුරුදහන් වූ ඥාතීන් වෙනුවෙන් ඔවුන් අඛණ්ඩව යුක්තිය අපේක්ෂා කළේය.


