පළාත් සභා ඡන්දය ගැන ඉන්දියාවෙන් සහතිකයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් , 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සහ පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා ඉන්දියාව සහතික වීම යළිත් වරක් අවධාරණය කර තිබේ. ඒ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (29) හමුවූ අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල තත්ත්වය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කර ඇති අතර දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නායක සෙල්වම් අඩෛක්කලනාදන්, දෙමළ ජනතා විමුක්ති පෙරමුණේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂ නායක වෙන්දන් යන පිරිස රැස්වීමට සහභාගී වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම