තවත් ලිපිගොනු අස්ථානගතවීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2015 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇති අතර එම කොමිසන් සභාවේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි .

වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව විසින් දිගින් දිගටම අවධාරණය කර තිබුණ ද 2015 වසරේ අවසන් වරට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවෙන් පසු මෙතෙක් වාර්තාවක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ එහිදී කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අප්‍රසාදය පළ කල අතර , කොමිෂන් සභාව මගින් ඉඩම් ලබාදීමේදී නිසි අනුපිළිවෙලක් සකසන ලෙස කාරක සභාව පසුගිය රැස්වීමේදී නිර්දේශ කළ ද තවමත් එහි කිසිදු ප්‍රගතියක් සිදුවී නොමැති බවද මෙහිදී නිරීක්ෂණය වී ඇත .

සභාපතිවරයා මෙහිදී අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත්තේ , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගතවී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...