*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

පච වංශයේ තවත් දිගහැරුමක්,

විමල් වීරවංශ පහුගිය දවසක ” 09 සැඟවුණ කතාව ” කියලා පොතක් එළිදැක්වුවා.පොත සම්පුර්ණයෙන්ම කියවන එක වෙලාව නාස්ති කිරීමක් කියලා හිතුනේ විමල් පොතේ අන්තර්ගතය ගැන කරපු විග්‍රහ ඇහූවට පස්සේ.විමල් කියන කතාව පෙලගැස්සුවාට පස්සේ ඒක ප්‍රබන්ධයක් බව ඕනි කෙනෙකුට තේරෙනවා.හැබැයි ප්‍රබන්ධයක් උනත් තමන් දරන මතයට ගැලපෙන විදිහට ලියන්න ලේඛකයා දක්ෂ වෙන්න ඕනි.මේ පොතෙන් විමල් එක දෙයක් ඔප්පු කරලා තියනවා.ඒ උපායමාර්ගික දේශපාලනයක් විමල්ට නැති බවයි. මේකත් විමල්ගේ වචාල කතාවල තවත් එක ප්‍රකාශණයක් විතරයි.

විමල් 09 සැඟවුණ කතාවෙන් කියන්නේ ගෝල්ෆේස් අරගලය ගැන.ඒක ඉන්දියන් සහය ලැබුණ ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා.ඒ කුමන්ත්‍රණය පිටිපස්සේ පුද්ගලයෝ විදිහට ඇමරිකානු තානාපති ජූලී චන්ග්,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හිටලා තියනවා. විමල් කියන විදිහට සැලසුම වෙලා තියෙන්නේ ජනාධිපති මන්දිරය ඇතුලේදී ගෝඨාභය ඇතුළු කණ්ඩායම මරලා දාලා බලය ගන්න.ඒ කියන්නේ මේක මහජන නැගිටීමක් ඇතුලේ ඇමරිකාව සහ ඉන්දියාව සම්බන්ධවෙලා කරන්න හදපු හමුදා කුමන්ත්‍රණයක්. සමහරවිට මේ කතාව ගෝඨාභය විශ්වාස කරයි.රනිල් විශ්වාස නොකලත් ඒ ගැන ලොකුවට මොකුත් කියන එකක් නෑ. හිනාවෙලා නිකං හිටියි.ඇයි මේ කතාවෙන් විමල් රනිල්ව මාර වීරයෙක් කරලා තියනවනේ. ඇමරිකන්,ඉන්දියන් කුමන්ත්‍රණය පරාද කරලා බලය ගන්නවා කියන්නේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීධූරයක් තියාගෙන ජනාධිපති වෙනවටත් වඩා ගොඩක් අමාරු වැඩක්.

මහින්දත් මේ කතාව විශ්වාස නොකලත් සමහරවිට විශ්වාස කරන විදිහට හිටීයි.මොකද මහින්ද දන්නවා කතාවක් ගොතාගෙන විමල් ආයෙත් පිහිට පතාගෙන එන්න තමයි හදන්නේ කියලා. කොහොම උනත් විමල්ට කාලයක ඉදන් මෙහෙම දේශපාලන ප්‍රබන්ධයක අවශ්‍යතාවයක් තිබුණා. ඒ විමල්ලා ලාංකීය දේශපාලනයේ ගැට්ටෙනුත් එහාට වීසිවෙලා තියෙන හින්දයි.විමල්ලා ගැන අඩුම ගානේ සමාජය ඇතුලේ කතාවක්වත් දැන් නෑ.රනිල්ට, රාජපක්ෂලාට බනින්න හරි මිනිස්සු කතා කරනවා.ඇත්තටම මේක දේශපාලන පොරපිටියට පනින්න විමල් කරපු දියාරු කුමන්ත්‍රණයක්. විමල් මුලදී බැසිල්ට ගහගෙන ආවත් ඒක මාකට් උනේ නෑ.මොකද විමල් සහ බැසිල් කියන්නේ දේශපාලනයේදී එක සමානව කුජීත වෙච්චි චරිත දෙකක්.අන්තිමට විමල් තේරුවේ ගෝල්ෆේස් අරගලයට ගහන්න.විමල්ට මුල ඉදන් ගෝල්ෆේස් අරගලය වහ කදුරු වගේ.ඇත්තටම විමල්ලා වගේ වාචාලයින්ගේ වචනවලට රැවටුන මේ රටේ ජනතාව ප්‍රායෝගිකව මහජන බලය අත්හදා බැලුවේ ගෝල්ෆේස් අරගලයෙන්.

විමල් ගෝල්ෆේස් අරගලයට වෛර කරන එක සාධාරණයි.මොකද විමල් ගෙනාපු පුටින්ලා,ලී ක්වාන් යූලා,මහතීර් මොහොමඩ්ලා ඔක්කොම ගෝල්ෆේස් අරගලකරුවන් විසින් පන්නලා දැම්මා.තවමත් මේ රට බංකොලොත්හාවයට පත් කරපු රාජපක්ෂලා විමල්ට අනුව කුමන්ත්‍රණකාරයෝ නෙවෙයි. අප්‍රියෙල් 09 වෙනිදා ඉදන් විමල්ගේ හිටපු වීරයා ගෝඨාභය පැනලා යන තැන දක්වා මේ පොතෙන් කතා කරනවා.හැබැයි මැයි 09 වෙනිදා මහින්ද තමන්ගේ බත් බැලයෝ ටික උසි ගන්නලා එවපු හැටි විමල්ට පේන්නේ නෑ.විමල්ට පේන්නේ එදා ඒ රාජපක්ෂ බත් බැලයෝ ටික මදී නොකියන්න කාපු පෝරියල් එක ගැන විතරයි.මෙතනදී විමල්ගේ ප්‍රධාන ඉලක්කයන් වෙන්නේ සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වලා. රටේ රාළට ෆොන්සේකා වෙනුවෙන්වත් ශවේන්ද්‍ර වෙනුවෙන්වත් පෙනී ඉන්න ඕනි නෑ. ෆොන්සේකාගේ දේශපාලනයට රටේ රාළ හීනෙන්වත් එකඟ නෑ. ශවේන්ද්‍රටත් විවේචන ගොඩක් රටේ රාළට තියනවා.

විශේෂයෙන්ම කොරොනා සමයේදී ශවේන්ද්‍රලා කරපු රඟපෑම් ගැන.හැබැයි ෆොන්සේකා සහ ශවේන්ද්‍ර විමල් වගේ දේශපාලන තක්කඩියෙක්ගේ උවමනාවට ඇමරිකන් කදවුරට වැසි කරන්න දෙන එක වැරදි.විමල්ගේ තවමත් යුද්ධ වීරයා මහින්ද. එහෙමත් නැත්තං ගෝඨාභය.රටේ රාළගේ විග්‍රහයට අනුව යුද්ධ ජයග්‍රහණය කියන්නේ සාමූහික උත්සාහයක ප්‍රතිපලයක්.එතන මහින්ද, ගෝඨාභය,ෆොන්සේකා,ශවේන්ද්‍ර ඇතුළු ත්‍රිවිධ හමුදාවම හිටියා, පොලීසිය,සිවිල් ආරක්‍ෂක බළකාය සහ අපේ රටේ ජනතාව ඒ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළා.අදත් ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට සරත් ෆොන්සේකට,ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් ගනනාවකට ඇමරිකාව ප්‍රමුඛ බටහිර සම්බාධක පනවලා තියනවා.පහුගිය දවසක හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩටත් ඇමරිකාව සම්බාධක පැනෙව්වා.එතකොට අර අපේ පච වංශ සහෝදරයා කියන විදිහට ඇමරිකාව මේ කුමන්ත්‍රණයට අරගෙන තියෙන්නේ ඇමරිකාව විසින් සම්බාධක දාලා රටටවත් වැද්ද ගන්නේ නැති අය. මේවා ඇහෙනකොට CIA කාරයින්ටත් බඩ කපාගන්න හිතෙනවා ඇති.

විමල් ෆොන්සේකා මේ කුමන්ත්‍රණයට සම්බන්ධයි කියන්නේ ෆොන්සේකාට අරගලකරුවාගේ වේදිකාවේ කතා කරන්න අවස්ථාව හම්බවෙලා තිබුණ නිසයි.ඉස්සර විමල් ඩලස් CIA කාරයෙක් කියලා කිව්වේ ඩලස් ෆෝන් එකක් පාව්චි නොකරන හින්දා.විමල් එයාගේ දේශපාලන මණ්‌ඩලයේ හිටපු සේනාරත්නද සිල්වා එලවලා දැම්මේ ෆොන් කේස් එකකට.අධිරාජවාදී කුමන්ත්‍රණ ගැන විග්‍රහ කරද්දී විමල්ට පොඩි වයර් ෂෝට් එකක් එනවා,විමල් ඒවට ගන්නේ තමන්ගේ අතට අහුවෙන ප්‍රාථමික මිනුම් දඩු.යුද්ධය තිබුණ වෙලාවේ බටහිර හිටගෙන හිටියේ ප්‍රභාකරන් එක්ක.ප්‍රභාකරන් බේරගෙන යන්න ඇමරිකන් නාවික හමුදාවට අයිති නැවක් ජාත්‍යන්තර මුහුදු නවත්තලා තිබුණා.එදා කොටින් එක්ක යුද්ධ කරපු ෆොන්සේකලා,ශවේන්ද්‍රලා හිටියේ ඇමරිකන් කදවුරට විරුද්ධව කදවුරේ.ඇත්තටම ඇමරිකාවට ප්‍රභාකරන් බේරගන්න බැරිවුනේ එයාලට හරියට කාල නිර්ණය කරගන්න බැරිවීම හින්දයි.එයාලට ඒ කාල නිර්ණය හරියට කරගන්න බැරි වෙන්නේ එයාලා හිතපු වෙලාවට කලින් හමුදාව වැඩේ අවසන් කරපු නිසයි.

යුද්ධය ඇතුලේ අපිටත් එකඟ වෙන්න බැරි කතා ගොඩක් තියනවා.ඒක වෙනම ප්‍රශ්නයක්. මෙතනදී රටේ රාළට උත්සහ කරන්නේ ෆේන්සේකලා, ශවේන්ද්‍රලා ඇමරිකන් කදවුරට විසි කරන්න හදන විමල්ගේ කාලකණ්ණි උත්සාහය පරාද කරන්න. විමල් කියන්නේ අරගලය දවස්වල ශවේන්ද්‍ර හිටියේ ඉන්දියාවේ කියලා. ඒ මේ කුමන්ත්‍රණයට ගිහින්ලු. එතකොට ඔයාලට මතක ඇති ගෝඨාභය MCC අත්සන් කරන්න හදනකොට රුසියාවේ විදේශ ඇමති මෙහේ සංචාරය කලා.ඊට ටික දවසකට පස්සේ යුධ හමුදාපති විදිහට ශවේන්ද්‍ර රුසියාවට ගියා. එහේදී ශවේන්ද්‍රට ලොකු වෙල්කම් එකක් දීලා තිබුණා.ඒ දවස්වල මෙහේ අරගලය තිබුණා නම් විමල් රුසියාවත් ඔය කුමන්ත්‍රණයේ අවුල් කාරයෙක් කියලා කියනවා. ඇත්තටම ගෝල්ෆේස් අරගලය කියවන්න විමල්ට කොහෙත්මම බෑ. ඒ තරමට විමල් දුප්පත්.එතන මේ රටේ ඉන්න හැම විදෙස් ඔත්තු සේවයක්ම ක්‍රියාත්මක වුනා.විමල්ව පෝෂණය කරන කටාර් කට්ටියත් එතන ඉන්න ඇති.ඒත් ඒවා ගැන කට වාචාලකමට කවුරුත් කියවන්න ගියේ නෑ.මොකද දැන් ලොක තත්වය හරිම සංකීර්ණයි.

ඇමරිකාව කරන්නාගොඩට සම්බාධක පනවනකොටම අපේ රටේ රුසියානු තානාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒකට විරෝධය පලකලා.වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා කිව්වා.බටහිර මතවලට බටහිර විරෝධී කදවුරෙන් ක්ෂණික ප්‍රතිචාර දැන් එන්න පටන් අරන්. බටහිර සහ බටහිර විරෝධී බලවතුන් දැන් ප්‍රසිද්ධියේ හැපෙන්න පටන් අරන්.ඒ බලවතුන් සියලු දෙනාම අපේ මව් පොලොව උඩත් ක්‍රියාත්මකයි.රුසියානු තානාපතිවරයාගේ ප්‍රකාශයෙන් පේන්නේ රුසියාවත් දැන් අපිව මොනිටර් කරමින් ඉන්නවා කියලයි. ඒ කියන්නේ අපේ රටේ භූ දේශපාලනය වෙන කවරදාටත් වඩා ඉහලට ඇවිත්.මේ වගේ සංකීර්ණ දේශපාලන වටපිටාව ඇතුලේ විදේශ සබධතා පවත්වාගෙන යන්න වෙන්නේ ඉතාමත් කල්පනාකාරීව.ඒ වගකීම ආණ්‌ඩුවට විතරක් නෙවෙයි හැම මහජන නියෝජිතයෙකුටම තියනවා.මේ වගේ සංකීර්ණ වටපිටාවක් ඇතුලේ එක මහ බලවතෙකුට හෝ කීපදෙනෙකු පක්ෂව හෝ විපක්ෂව කණ්‌ඩායම් හදන එක බරපතල වැරැද්දක්. ඒකෙන් වෙන්නේ එයාලට අපේ රටට මැදිහත් වෙන්න තව තවත් අවස්ථාවා හදලා දීමක් විතරයි. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවලට කිසිම පදනමක් නැති ප්‍රබන්ධ ලියලා ගිරිය යටින් කෑගැසීම උත්තරයක් නෙවෙයි.

ඊළගට විමල් මේ සියලු ප්‍රකාශ කරන්නේ චීන තානාපති නිලධාරීන් ඉස්සරහා තියාගෙන.විමල් පෙන්නන්න හදන්නේ චීන ලයින් එකේ විමල් ඉන්නවා කියලයි. ඇත්තට ඒක අමු මෝඩ වැඩක්. කොහොමත් චීනයටත් වීමල් ගැන අවබෝධක් හැදෙන්න ඇති. ඇත්තටම දැන් කරන්න ඕනි රනිල් හරි මහින්ද හරි මැදිහත් වෙලා විමල්ට තැනක් හදලා දෙන එකයි. එහෙම එකක් ලැබුනොත් ඒ වෙනුවෙන් කරපු සටන විමල් නවත්තලා දායි.නැත්තං ඔය හාදයා තවත් මාරාන්තික උපවාසයක් උනත් කරන්න බැරි නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan