ඇල්බියන් අසිපත් බලය ….

Date:

ජීවිතේ එක්තරා කාලයක් තිබ්බා උදේ පාන්දර කඩුවකුත් පිටේ ගහගෙන ඉස්කෝලෙ ගියපු. දිග ලී කෑල්ලකට කොට ලී කෑල්ලක් ගැටගහලා “ඇල්බියන්” කියලා කොටලා හදාගත්ත කඩුවට අඳුරේත් එළියේත් බලය තියෙනවා කියලා හිතපු.

රොබින් මැරුණු දවසට පහු වෙනිදා උදේ ඉස්කෝලෙ ගිහින් ඊලඟට වෙන දේ ගැන හරියටම දන්නවා වගේ ලොකු බොරු කියපු.

“රොබින් ලා හත් දෙනෙක් එනව මචං” එකෙක් හිත හදාගන්න කියනවා.

ටයිටස් තොටවත්ත කියන පුදුමාකාර හැකියාවක් තිබුණු මනුස්සයෙක් නිසා ශර්වුඩයේ රොබින් මුලින් ම විකාශය වෙලා අවුරුදු කීපයකින් අපිටත් ඒක බලන්න ලැබෙනවා.

ඊට පස්සෙ උසස් පෙල කරද්දිත් , විශ්ව විද්‍යාල ළමයි හැටියටත් අපි ඒ එකම රොබින් හුඩ් අලුතෙන් බලනවා වගේ ආයෙ ආයෙ බලනවා. ගිය පාර මැරුනට මේ පාර රොබින් කොහොම හරි පැනගනියි කියලා හිත හිත.

ජීවිතයේ වැඩිපුරම දුක හිතුන මතකයන් අතරට කඳු ගැටයකට පිටිපස්සෙන් පෙනෙන තැඹිලි පාට අහසක් එකතු වෙනවා.

කාලය ඉගිලෙනවා. රොබින් හුඩ් මුලින් ම විකාශය වෙලා ඊයෙට අවුරුදු හතලිහක්. ඒ කියන්නේ අප්‍රේල් 28 වෙනිදට. රොබින්හුඩ් එංගලන්තයේ මුලින් ම විකාශය වෙන්නේ 1984 අප්‍රේල් 28.

ඉතින් “මොකුත් අමතක නෑ. මොකුත් කවදාවත් ම අමතක නෑ”.

~ නුවන් තොටවත්ත

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...