මෝල්හිමි රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට මිනීපෙට්ටියක් තබා ගොවීන් පාංශුකූලයත් දෙයි (VIDEO)

Date:

මෙරට ප්‍රධානතම වී මෝල් හිමියෙකු වන මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (29) දිනයේදී ගොවීන් විරෝධතාවක නිරත වී තිබිණි.

ගිරිතලේ ව්‍යාපාරයේ ගොවීන් මෙසේ අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණයෙහි නිරත වුණේ මෙවර මහ කන්නයට ජලය ලබාදීමට පෙර වගාවන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන ලබාදෙන ලෙසත් පසුගිය කන්නයේ වගා හානි සඳහා වන්දි ලබාදෙන ලෙසත් බල කරමිනි.

ගොවියාගේ මළගම සංකේතවත් කිරීම සඳහා ඔවුන් එහි මිනීපෙට්ටියක් ද රැගෙනවිත් තිබුණු අතර පාංශුකූලය දී ආගමික වතාවත් ද එහි සිදුකෙරිණි.

සිරිපාල ගම්ලත් මහතාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ගොවීන් පිරිසක් ඒ මහතාගේ නිවස ඉදිරිපිට උපවාසයක ද නිරත වන්නේ දින 4ක සිට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...