*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

මෝල්හිමි රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට මිනීපෙට්ටියක් තබා ගොවීන් පාංශුකූලයත් දෙයි (VIDEO)

මෙරට ප්‍රධානතම වී මෝල් හිමියෙකු වන මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (29) දිනයේදී ගොවීන් විරෝධතාවක නිරත වී තිබිණි.

ගිරිතලේ ව්‍යාපාරයේ ගොවීන් මෙසේ අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණයෙහි නිරත වුණේ මෙවර මහ කන්නයට ජලය ලබාදීමට පෙර වගාවන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන ලබාදෙන ලෙසත් පසුගිය කන්නයේ වගා හානි සඳහා වන්දි ලබාදෙන ලෙසත් බල කරමිනි.

ගොවියාගේ මළගම සංකේතවත් කිරීම සඳහා ඔවුන් එහි මිනීපෙට්ටියක් ද රැගෙනවිත් තිබුණු අතර පාංශුකූලය දී ආගමික වතාවත් ද එහි සිදුකෙරිණි.

සිරිපාල ගම්ලත් මහතාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ගොවීන් පිරිසක් ඒ මහතාගේ නිවස ඉදිරිපිට උපවාසයක ද නිරත වන්නේ දින 4ක සිට ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan