අද රෑ සිට ඉන්ධන බෙදාහැරීම තවත් අර්බුදයකට … ?

0
1501

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහන සේවාවෙන් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය පවසයි.

ඉන්ධන ප්‍රවාහනය සඳහා ගෙවීම් වැඩිකරන ලෙස ඉල්ලීම් කළත් අමාත්‍යවරයාගෙන් ඒ සඳහා සාධනීය පිළිතුරක් නොමැති බැවින් මෙසේ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පෞද්ගලික බවුසර් රථ ධාවනයෙන් ඉවත් වුවත් ඉන්ධන ප්‍රවාහනය සඳහා විකල්ප ක්‍රියාමාර්ග සූදානම් කර ඇති බවකි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here