දළදා ප්‍රදර්ශනයේ පෝලිම්වල ගහගත්තේ විපක්ෂයේ අය. ඔවුන්ව සුදු අන්දලා එවලා තිබ්බේ ඒකටමයි – ඇමති සමන්ත

Date:

පසුගිය දිනවල පැවති දන්ත ධාතු ප්‍රදර්ශනයේදී පෝලිම්වල ගැටුම් ඇති කළේ විපක්ෂය විසින් ඒ සඳහාම සුදු ඇඳුම් අන්දවා පෝලිමට එවූ ගෝලයින් කණ්ඩායම් විසින් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“අපේ බැතිමත්තු සාමාන්‍යයෙන් ඔය වගේ වන්දනාවකට යනකොට ඇත්ත බෞද්ධයෙක් නම් පෝලිමේ කෑකෝගහන්නෙ නෑ, ගහගන්නෙ නෑ. ඔය ඔක්කෝම කළේ කවුද දන්නවාද ? සජිත්ගෙ ගෝලයෝ, රාජපක්ෂලාගෙ ගෝලයෝ, වික්‍රමසිංහගෙ ගෝලයෝ සුදු ඇඳලා පෝලිමේ තැනින් තැනට දැම්මා. දාලා අර අහිංසක ජනතාව අතරට ගිහිල්ලා මත හැදුවා ‘අන්න අතනින් 500ක් දැම්මා, මේ දැන් දැම්මෙ, අතන වැසිකිළි නෑ, අතන කුණු’ කියලා. මේ ඔක්කෝම අවුල් කරන්න බැලුවා සුළු සුළු සිද්ධි ටිකක් ලොකු ලොකු සිද්ධි කරලා”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...